21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ප්‍රංශයේ නගර 9කට ඇඳිරි නීතිය

ප්‍රංශයේ නගර 9කට ඇඳිරි නීතිය

කොවිඩ් වසංගත තත්ත්වය වඩාත් බරපතළ අතට හැරීමත් සමග පැරිසිය ඇතුළු නගර 9ක ඇඳිරි නීතිය පැනවීමට ප්‍රංශ රජය තීරණය කර ඇත. රාත්‍රි 9 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති අතර අඩුම වශයෙන් සති 4ක කාලයක් එය ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන් වේ. ලබන සෙනසුරාදා (17දා) සිට මෙය ක්‍රියාවට නැගෙනු ඇත. සමහර විට සති 6ක කාලයක් දක්වා මෙය දීර්ඝ කිරීමටද ඉඩ ඇති බව සඳහන් වේ.

යුරෝපයේ බොහෝ රටවල මෙන්ම ප්‍රංශයේද කොවිඩ් දෙවැනි රැල්ල පළමු රැල්ලට වඩා බිහිසුණු බවක් ගනිමින් තිබේ. පළමු රැල්ල අවස්ථාවේ ප්‍රංශයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන වූයේ 7,570 කි. ඒ පසුගිය මාර්තු 31 වැනි දිනය. එහෙත් පසුගිය අගෝස්තු මාසයෙන් ඇරඹි දෙවැනි රැල්ල තුළ මේ වනවිට එක් දිනකදී වාර්තා වී ඇති වැඩිම ආසාදිතයන් ගණන 26,900ක් ලෙස සටහන් වෙයි. එම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පසුගිය 10 වැනි දිනය. එරට රෝහල්වල දැඩි සත්කාර ඒකක තව ටික දිනකින් සම්පූර්ණයෙන් පිරී යනු ඇති බවටද අනාවැකි පළ වී තිබේ.

ඇඳිරි නීතිය පැනවීමට යන නගරවල මිලියන 22ක ජනතාවක් වාසය කරන බැව් පැවසේ. ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් එරට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසා ඇත්තේ එය ජනතාවට විශාල අපහසුතාවක් ඇති කරන්නක් බව තමා දන්නා බවයි. නමුත් ප්‍රංශය මේ වනවිට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ මෙවැනි දැඩි පියවර නොගෙන සිටීමට රජයට හැකියාවක් නොමැති බව පෙනේ. ඇඳිරි නීතිය නිසා බලපෑමට ලක්වන ව්‍යාපාරවලට රජයේ ආධාර ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments