26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදේශ රැකියාවන්හී සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ PCR සඳහා...

විදේශ රැකියාවන්හී සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ PCR සඳහා මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් – ඇමැති නිමල් සිරිපාල දසිල්වා.

විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව ඊයේ(24) එමඅමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ද ගුවන්තොටුපල සේවා සමාගම,යුද හමුදාව,විදේශ නියුක්ති කාර්යාංශය යන ආයතන වල ද නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක් වූහ.
මෙහි දී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ, විදේශගතව රැකියාවල නිරත වෙමින් සිට අපේ රටට විදේශ විනිමය උපයා දුන් මෙම රට විරුවන්ට අදාල PCR පරීක්ෂණ සිදු කිරීම ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටවූ නව රසායනාගාරයේ දී සිදුකිරීමට නියමිත බවයි.
මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක් ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40 ක මුදල විදෙස් සේවා නියුක්ති කාර්යංශය ගෙවීමට තීරණය කළ බව ද හෙතෙම කීය.
මෙහි දී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ,මෙම PCR පරීක්ෂණයක් කර පැය තුනක් වැනි කෙටි කාලයක් තුල මෙම රටවිරුවන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සලසා දීම මෙම වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණ බවය.
සම්පූර්ණ එන්නත් එන්නත්කරණයට ලක් වූ විගමණික ශ්‍රමිකයන් මෙම පරීක්ෂණයේදී ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සැලසෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments