21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක...

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksei A.Bondarev) (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව්, ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිල හමුව මෙය වූ අතර, නව පත්වීම් ලද ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපති විසින් සිය සුභාශිංසන පිරිනැමීමට කටයුතු කරන ලදි. එමෙන්ම මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

තවද. මෙම අවස්ථාව සඳහා රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ සහායක ආරක්‍ෂක උපදේශක කර්නල් පවෙල් වී. ඉවාශින්නිකොව්ද (Pavel V.Ivashinnikov) සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments