21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය දියකාවා මෙහෙයුම අතර තුර සංග්‍රාමික සෙවිම් සහ...

ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය දියකාවා මෙහෙයුම අතර තුර සංග්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ප්‍රථමවරට සංග්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේදි සිදුකරනු ලැබු අතර මෙම පුහුණුවිම් කටයුතු එකොළොස් වැනි දියකාවා මෙහෙයුමට සමගාමිව 2021 සැප්තැම්බර් මස 22 වන දින සිදුකරන ලදි.

දියකාවා යුධ පුහුණු මෙහෙයුම ශ්‍රී ලංකා යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පවත්වනු ලබන විශාලතම යුධ පුහුණු අභ්‍යාසය වන අතර ඒ සදහා මිත්‍රශිලි විදේශීය හමුදා සාමාජිකයින්ද සහභාගි වේ.

මෙම අභ්‍යාසය සදහා අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් එම් .අයි 17 හෙලිකොප්ටර් යානාවක් ද, අංක 07 හෙලිකොප්ටර් යානා බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02 ක් සහ අංක 03 සමුද්‍රිය බලඝණයට අයත් බි-200 නිරික්ෂණ ගුවන් යානාවක් යොදාගත් අතර ගුවන් හමුදා සාමාජිකයින් 24 දෙනෙකුගෙන් යුත් ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා කණ්ඩායමක් සහභාගි විය. මෙම පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා යුද හමුදාව සමග ඒකාබද්ධව පවත්වන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments