26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආනයන තහනම් භාණ්ඩ රැසක් ගමන් මලුවල සඟවාගෙන පැමිණි මගීන් රේගු දැලේ.

ආනයන තහනම් භාණ්ඩ රැසක් ගමන් මලුවල සඟවාගෙන පැමිණි මගීන් රේගු දැලේ.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ඉකුත්(22) ළඟාවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 126 නැමැති ගුවන් යානයෙන් පැමිණි මගින් පරික්ෂා කිරීමේදී කෙටි සංචාරයන් සඳහා ඉන්දියාවට ගොස් නැවත පැමිණෙන මගීන්ගේ ගමන් මලු වල සඟවා තිබූ ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ කිහිපයක් සොයාගැනීමට ගුවන්තොටුපල රේගු නිලධාරීන්ට හැකි වූහ .

එම ගමන්මලුවල තිබි කහ 472 kg , එනසාල් 352 kg සහ ඖෂධ විශාල ප්‍රමාණයක් විය . මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ හතළිහකට ආසන්න විය .මෙම භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා කිරීම් හේතුවෙන් සංචාරකයින් ලෙස ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයින් තම ගමන් මලු තුළ සඟවාගෙන ලංකාවට රැගෙන ඒමට උත්සාහ කරන බව මෑතකදී සිදුකළ අත්අඩංගුවට ගැනීම්වලින් පිළිබිඹු වේ . ගුවන්තොටුපල රාජකාරි කරන රේගු නිලධාරී මේ පිළිබඳ නිරතුරු විමසිලිමත් භාවයෙන් කටයුතු කරන අතර නීති විරෝධී භාණ්ඩ රට තුළට ඇතුල්වීම වළක්වාලීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරති . මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී සිදුකරන ලැබු අතර වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ රේගු නිලධාරින් සිදු කරනු ලබති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments