26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඉන්දියාවෙන් ගෙනා කහ තොගයක් හා බලපත්‍ර නොමැතිව තිබු ඔක්සිමීටර් තොගයක් එස්.ටි.එෆ්....

ඉන්දියාවෙන් ගෙනා කහ තොගයක් හා බලපත්‍ර නොමැතිව තිබු ඔක්සිමීටර් තොගයක් එස්.ටි.එෆ්. සොයාගනී.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් නීති විරෝධීව මෙරටට රැගෙන එන ලැබු කිලෝ දෙසියපනස් එක අත් අඩංගුවට ගැනීමත් සමග මේවසර තුල වැටලීම් අටක් සිදුකොට රුපියල් දෙකෝටි හැටලක්ෂයකට අධික වටිනාවකමක් ඇති කහ කිලෝ ග්‍රෑම් පන්දහස් දෙසිය විසි අටක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

ගැනීමට සමත්වී තිබේ.

මෙම සියලු වැටලීම්වලට නායකත්වය හා උපදෙස්ද ලබාදෙමින් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකර ඇත. මෙම වැටලීම කලාප අණදෙන නිලධාරී උතුර ජ්‍යෙෂ්ඨ පෙලිස් අධිකාරී දීප්ත හෙට්ටිආරච්චි මහතාගේ හා ප්‍රාදේශීය අණදෙන නිලධාරී මන්නාරම සහකාර පොලිස් අධිකාරී මාලන් ෆිගේරා මහාතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පුධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් නිලධාරීයාගේ මෙහෙයවීමෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව උ.පො.ප. ලක්ෂිත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) ඉලුප්පුකඩවායි පොලිස් වසමේ අන්තෝනිපුරම් කැලෑබද ප්‍රදේශය දී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් මෙරටට ගෙන්වා එස ප්‍රදේශයේ සූක්ෂම ලෙස සඟවා තබන ලැබු කහ කිලෝග්‍රෑම් 251 අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය බලකාය මෙම වසර තුල මේ දක්වා වැටලීම් 08 ක් සිදුකර සැකකරුවන් 11 ක් සමග රුපියල් දෙකෝටි හැටලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 5228 ක් අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් 19 වසංගත සමයේ ව්‍යාජ ඔක්සි මීටර් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත. මේ වැටලීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් ගුවන් හමුදා කඳවුරේ බුද්ධි ඒකකයේ නිලධාරීන්වෙත ලැබුණු තොරතුරකට විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ අණදෙන නිලධාරි පුධාන පොලිස් පරීක්ෂක බුලත්සිංහල මහතාගේ මෙහෙයවීමෙන් උප ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජි.ජි.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහ ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන්, අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂ ටී‍.කේ.ඒ.ඩී. වේරගොඩ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සමඟ එකාබද්ධව (23) අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව බස් නැවතුම්පොළ අසල දී වැටලීමක් සිදුකර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහැරීමේ නිත්‍යාණුකුල බලපත්‍රයක් නොමැතිව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති සහ ගෙන්විම සඳහා අවසරය ලබා දී නොමැතිව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා PULSE වර්ගයේ ඔක්සි මීටර් දෙසියපනහක් ළඟ තබාගෙන සිටි කොට්ටාව, පොල්ගස්ඕවිට වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ටී‍.කේ.ඒ.ඩී. වේරගොඩ මහතා වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments