29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා- මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සදහා තමා...

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා- මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සදහා තමා ඇප කැපවී ක්‍රියා කරනවා. රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා- මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා- මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සදහා තමා ඇප කැපවී ක්‍රියා කරන බවත් විශේෂයෙන් වෙරළ ආශ්‍රිත කෙරෙන බීච් වොලිබෝල් ක්‍රීඩාව මෙම ප්‍රදේශයේ වෙරළ තීරයන් වල ප්‍රචලිත කළ හැකි බවත් ඒ තුලින් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරඟ බිමට යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් එහිදී මඩකලපුව ප්‍රදේශයේ තරුණ තරුණියන් ද ජාත්‍යන්තර තරඟ බිමේ ක්‍රීඩා කරන අයුරු දැකීම තම අපේක්ෂාව බවද පැවසීය

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ ඉල්ලීමකට අනුව ගරු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගණ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මූලික අදියරේ ප්‍රතිසංස්කරණය කෙරනු වන්දරාමුණේ ඩයමන්ඩ්ස් ක්‍රීඩාංගණය, මිරංගනී පාතාත් ක්‍රීඩාංගණය, කොට්ටයික්කල්රු ක්‍රීඩාංගණය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විවෘත කරන ලැබුවේය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ තුලින් මෙම පලාතේ තරුණ තරුණියන්ට තම තමන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමටත්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් දැනිම ලබන්නටත් කලා කටයුතු මෙන්ම දෙස් විදෙස් රැකියා සදහා යොමු වීමටත් මෙම මධ්‍යස්ථාන තුලින් ලබා ගත හැකි බව වියාලේන්ද්‍රන් මහතා පැවසීය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සදහා තමා ඇප කැපවී ක්‍රියා කරන බවත් විශේෂයෙන් වෙරළ ආශ්‍රිත කෙරෙන බීච් වොලිබෝල් ක්‍රීඩාව මෙම ප්‍රදේශයේ වෙරළ තීරයන් වල ප්‍රචලිත කළ හැකි බවත් ඒ තුලින් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරඟ බිමට යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් එහිදී මඩකලපුව ප්‍රදේශයේ තරුණ තරුණියන් ද ජාත්‍යන්තර තරඟ බිමේ ක්‍රීඩා කරන අයුරු දැකීම තම අපේක්ෂාව බවද පැවසීය. එමෙන්ම අද පළමු අදියර යටතේ විවෘත කරන ලැබු මෙම ක්‍රීඩාංගණ ඉදිරියේදී නවීන පහසුකම් සහිතව තවත් දියුණු කරන බවත් පාසල් සදහා ක්‍රීඩා උපකරණ හා පුහුණුකරුවන් ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව කරදියනාරු රජයේ පශු වෛද්‍ය කාර්යාලයට පැමිණ එහි සත්ව ආශ්‍රිත නිෂ්පාදන කටයුතු කරන්නන් හමුවී එහි ගැටලු පිළිබඳව සාකච්ඡාවක නිරත විය. ඒ අය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පෙන්වා දුන්නේය.

මෙහිදී නැගෙනහිර කිරි නිෂ්පාදනයෙන් දේශීය පරිභෝජනයට සියයට 18 ක පමණ දායකත්වයක් ලබා දෙන බව ඔහුන් ප්‍රකාශ කල අතර ගව ආහාර ලෙස ගැනෙන තණකොළ වැවී ඇති රජයේ ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා යොදා ගැනීම නිසා ගවයන්ගේ කිරි නිෂ්පාදනයට එය විශාල ගැටළුවක් වී ඇති බව පෙන්වා දෙන ලැබුවේය. එම ගැටළුවට අමාත්‍යවරයාගේ අවධානය යොමු කර කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස යෝජනා විය.

මෙම සංචාරයේදී ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය තේනූක විදානගමගේ. මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා, මඩකලපුව දිසාපති කේ.කරුණාකරන් මහතා සහ දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් ප්‍රසන්තන් මහතාද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments