25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලාෆ් සමාගමට එරෙහිව ලංකා ජනතා පක්ෂයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්.

ලාෆ් සමාගමට එරෙහිව ලංකා ජනතා පක්ෂයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්.

ලාෆ් ගෑස් සමාගම පාරිභෝගික ජනතාවගේ විශ්වාසය කඩ කළා යැයි පවසමින් ලංකා ජනතා පක්ෂය පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙමපැමිණිල්ල එම පක්ෂයේ සභපතිනි නීතිඥ සුමනා ආරියදාස මහත්මිය, මහලේකම් අජිත් ජයසුන්දර ඇතුළු නිලධාරින් විසින් පොලිස් මූලස්ථානයේදී පොලිස්පති වෙත භාරදී තිබේ.
මෙහිදි පැමිණිල්ල භාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ලංකා ජනතා පක්ෂයේ මහ ලේකම් අජිත් ජයසුන්දර මහතා මෙසේ පැවැසීය…….මෙරට පාරිභෝගිකයින් ගෑස් සිලින්ඩර් මාසිකව ලක්ෂ අටක් පමණ පරිභෝජනය කරනවා. මින් 20%ක් පමණ සිටින්නේ ලාෆ් ගෑස් පාරිභෝගිකයින් ඒ කියන්නේ අවම වශයෙන් ලක්ෂ දෙකක් පමණ ලාෆ් පාරිභෝගිකයින් සිටිනවා. මෙම් ගෑස් සිලින්ඩරයක් ළඟ තබාගන්න රුපියල් පන්දහස් හාරසීය පනහක පමණ මුදල් තැන්පතුවක් එම සමාගමට පාරිභෝගිකයකු ලබාදීම තිබෙනවා. ඒ අනුව මෙම තැන්පතු මුදල ලක්ෂ දෙකෙන් වැඩි කළාම රුපියල් ලකෂ දහදහස් නවසීයක ප්‍රමාණයක් වේ. මෙය රුපියල් කෝටිවලින් එකසිය නවයක් වේ. මෙවැනි මුදලක් තැන්පත් කරගෙන සිටින මෙම සමාගන ජූනි මාසයේ පමණ සිට ක්‍රමානුකූලව තම පාරිභෝගිකයා වෙත ගෑස් ලබාදී නොමැත. ඒ අනුව ලාෆ් සමාගම පාරිභෝගිකයාගේ විශ්වාසය කඩකර තිබෙනවා. එමෙන්ම මිනිසකුගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන ආහාරය සපයා ගැනීමට අවශ්‍යවන ගෑස් පිළිවෙලකට ලබානොදීමෙන් ජනතාවට ආහාරද ලබාගැනීමද අහිමි කර තිබෙනවා.

සිය පාරිභෝගික ජනතාවගෙන් සිලින්ඩර් සඳහා ලබාගත් තැන්පත් මුදල් එම සමාගම සිය තැන්පතුවල දමමින් මාසික පොළිය වශයෙන් විශාල මුදලක් ලබාගන්න බැවින් සිය පාරිභෝගික ජනතාවට නිසි සේවාසපයන්නේ නැතිනම් අවම වශයෙන් එක් පාරිභෝගිකයකුට රුපියල් ලක්ෂ දහයක්වත් ලබා දෙන්න මෙම ගෑස් සමගම ක්‍රියාකළ යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments