පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන දෛනික වැටලීම්වලදී (26) හොරණ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් දෙසීයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මොරගහහේන පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.යාපනයේ කඳවරේ නිලධාරි කණ්ඩායමක් කඩුදෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අනුරාධපුර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මුද්‍රා සලකුණක් හෝ නිත්‍යානුකූල බලපත්‍රයක් රහිතව බුරුත දැව කඳන් තිස්පහක්,විවිධ ප්‍රමාණයේ හල්මිල්ල දැව කඳන් පහක්,විවිධ
වර්ගයේ කොහොඹ දැව කඳන් පහයි, විවිධ ප්‍රමාණයේ තේක්ක දැව කඳන් පහක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තඹුත්තේගම අඩවියේ තම්මැන්නාව බීට්ටු වන නිලධාරි වෙත භාරදී තිබේ. වැඩිදුර විමර්ශන සඳහා වඩුක්කෝට්ටෙයි පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. පසුගිය යුධසමයේ භාවිතා කළ බවට සිතිය හැකි දිරාපත් 60mm ප්‍රමාණයේ මෝටාර් උණ්ඩයක් සොයාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කලවංචිකුඩි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
ගෝනහේන කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව දිවුලපිටිය පොලිස් වසමේ කෙහෙල් ඇල්ල හුණුමුල්ල ලිපිනයේ වැටලීම්ක සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් පහළොවක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල පොලිස් වසමේ තංගල්ල නගරයේ හැටන් නැෂනල් බැංකුව ඉදිරිපිට වැටලීමක් සිදුකර ඩයිසැටයිල් මෝෆින් හෙවත් හෙරොයින් මිලි ග්‍රෑම් තුන්සිය හතළියක් ළඟ තබා අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදෙශයේ වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දෙදහස්දෙසීයක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක්, මුදල් පහලොස් දහසක් අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර පොලිස් වසමේ ඌරුමස් හංදිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් මිලිග්‍රෑම් හයසීයක්, කේරළ ගංජා එක්දහස් හැත්තෑවක් , අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් නවසිය හතළියක් අත්අඩංගුවට ගෙන ඇත.