26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර ගන්නවා. අමාත්‍ය...

තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර ගන්නවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර ගන්නවා.
-තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව, තොරතුරු තාක්ෂණය දියුණු නව ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයකින් මහජනසේවය ඉටු කරගැනීම සඳහා වූ පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම අමාත්ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්ය් අමාත්යම රොෂාන් රණසිංහ මහතාගේ මෙහෙයවීම මත සිදුවේ.
මහ නගර සභා, නගර සභා හා ප්රාලදේශීය සභා තුන්සිය හතළිස් එකක් (341) ක් ප්රටමුඛ ව දිවයින පුරාපළාත් පාලන ආයතන මගින් විවිධාකාරයෙන් මහජනතාව වෙත සේවය සලසනු ලබයි.

පළාත් පාලන ආයතන නව තාක්ෂණය සමග මුසුව ඩිජිටල්කරණයවීම හේතුවෙන් ජනතාව වෙත කාර්යක්ෂම හාවේගවත් සේවයක්සැපයිය හැකිවෙයි.
එහි ඇති විනිවිදභාවය හා විශ්වාසනීයත්වය හේතුවෙන් රාජ්යත සේවය කෙරෙහි මහජන ප්රාෂසාදය ද ගොඩනැගෙන අතර ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් ද මඟ හැරී ගොස් සියලු කටයුතු කාර්යක්ෂ ම වනු ඇත.
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම තුළින් ව්‍යාපාරික බදු අයකරගැනීම, ඝන අපද්රරව්යග කළමනාකරණය,පරිසර බලපත්රම නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් සලසා ගැනීම, ක්රීරඩා පිටි හා ශාලා පහසුකම් වෙන් කරගැනීම ඇතුළු ප්ර,ධාන පෙළේ සේවාවන් පහළොවක් ද අනෙකුත් සේවාවන් හැටකට අධික ප්ර මාණයක් ද තම නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාව මහජනතාව වෙත ලැබේ.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“මිනිස්සුන්ගේ බදු මුදල් ගෙවන්න ඔවුන් ආයතනගානේ රස්තියාදු වෙන්න ඕන නෑ.අපියි ඔවුන්ළඟට යන්න ඕනේ.
ඇතැමුන් කියනවා රට සිංගප්පූරුවක් වගේ කරන්න ඕන කියලා. ඒකටතියෙන ප්රනශ්නය ගොඩනැගිලි, වාහන යන්ත්රන සූත්රු නොවෙයි. මානව ප්රා ග්ධනය සම්බන්ධවයිගැටලුව තිබෙන්නේ.
අපි හිතන විදිහ හා ආකල්ප වෙනස් කරගත යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments