වර්ගයේ පිස්තෝලයක්,හෙරොයින්
සහ අයිස් විශේෂ කාර්ය බලකායේ
අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත මයික්‍රෝ
වර්ගයේ පිස්තෝලයක්,හෙරොයින්
සහ අයිස් විශේෂ කාර්ය බලකායේ
අත්අඩංගුවට
විශේෂ කාර්ය
බලකාය සමත්වී තිබේ.
මෙම වැටලීම ඉකුත් (27) මතුගම
යටදොලවත්ත පොලිස් වසමේ
යටදොල වත්ත, රන්දිල වත්ත,
පලමු පටුමග යන ස්ථානයේ දී
අලුතින් ඉදිකරමින් පවතින නිවසක
දෙවන මහලේ සඟවා තිබිය දී
අයිතිකරුවකු නොමැතිව
හෙරොයින් කිලෝ 01 යි, ග්‍රෑම්
55, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්ද,
මයික්‍රෝ වර්ගයේ රිවෝල්වර 01
ක්ද, ඉලෙක්ට්‍රොනික් මිණුම් තරාදි
01 ක් සමග අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක
කාර්ය්‍යාංශය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලැබු
හෙරොයින් වල දල වටිනාකම
එක්කෝටි පන්ලක්ෂයකට අධික
වේ.
මෙම වැටලීම අණදෙන නිලධාරී
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ
වරුණ ජයසුන්දර මහතාගේ සෘජු
අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය
බලකාය මූලස්ථාන කඳවුරේ
සහකාර පොලිස් අධිකාරි අරුණ
කටුගම්පල මහතාගේ මෙහෙයවීම
මත විශේෂ මෙහෙයුම් iii වන
කණ්ඩායමේ ස්ථානාධිපති
ප්‍ර.පො.ප. ඩබ්.ඒ.ඒ.පී. සම්පත්
කුමාර ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් මේ වැටලීම සිදුකර
තිබේ.
මේ අතර ගම්පොල කඳවුරේ
නිලධාරීන් කණ්ඩායමක් බලපත්‍ර
රහිතව කසළ තේ ළඟ තබා සිටි
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
වැඩිදුරට විමර්ශන සඳහා දවුලගල
පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
කන්තලේ කඳවුරේ කණ්ඩායමක්
බලපත්‍ර රහිතව අක්කර හයක්
පමණ රජයේ කලෑබද ප්‍රදේශය
ගිනිතබමින් සිටි තිදෙනකු
අත්අඩංගුවට වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා වාකරේ පොලිස්
ස්ථානය වෙත භාරදී ඇත.
සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් තහනම් තංගුස් දැල්
භාවිතා කරමින් මසුන් මරමින් සිටි
පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු
සඳහා ජයන්ති වැට ජලාශය භාර
නිලධාරි වෙත භාරදී තිබේ.
කහවත්ත කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන්
ළඟතබාගෙන සිටි පුද්ගලයකු
අත්අඩංගුවට ගෙන ඇත.
සෙට්ටිකුලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සැකකරුවෙකු නොමැතිව නීති විරෝධි මත්පැන් පෙරීමට උපයෝගි කරන්නා ගෝඩා බැරලයක් අත් අඩංගුවට ගෙන තිබේ. තීරුබදු රහිතව ආනයනය කළ MANCHESTER වර්ගයේ දුම්වැටි ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස්ථානය වෙත භාරදි ඇත. කේරළ ගංජා ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතුරම් තුවක්කුවක් සමග සත්ව දඩයමේ යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. එමෙන්ම දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි කණ්ඩායමක්(03) ඝාතනය කරනු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමිල ප්‍රසංග හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුදාගේ ඝාතනයට ආධාර හා අනුබල ලබාදී ඇති බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.