29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය...

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා බැහැදකී.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අද (28) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාය.

ඒ රුසියාවේ තානාපති සේවයට නික්ම යාමට පෙර අග්‍රාමාත්‍යතුමා හමුවී සේවය සැළ කිරීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා – රුසියානු ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දෙරට අතර ද්වි පාර්ශවීය සබඳතා තව තවත් වර්ධනය කිරීම උදෙසා කැපවන්නැයි ජනිතා ඒ ලියනගේ මහත්මියට සුබ පැතුම් එක්කරමින් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය මෙම ධුරයට පත්වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළාය.

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ජනිතා ඒ ලියනගේ මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments