29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතීරුබදු නොගෙවා මෙරට ගෙනා දුම්වැටි තොගයක් ඇතුළු තවත් ජවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්....

තීරුබදු නොගෙවා මෙරට ගෙනා දුම්වැටි තොගයක් ඇතුළු තවත් ජවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

රුපියල් හත්ලක්ෂ අසූදහසකට අධික වටිනාකමකින් යුක්ත තීරුබදු නොගෙවා මෙරට ගෙනා දුම්වැටි දොළොස්දහසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලැබු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කල දුම්වැටි දොළොස් දහසක් පුද්ගලයකු සමග අනුව (28) අංක 230, පරණ යෝන් වීදිය, කොළඹ 12 ලිපිනයේ දී නිවසක් තුළ ගබඩා කර තිබූ මෙම දුම්වැටි දොළොස් දහසක් (12,000) සමග වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් එකක 1හි නිලධාරි කණ්ඩායමක් බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ෂෝට් කටස් වර්ගයේ ගිනි අවියක් සැකකුරවෙක් රහිතව අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 1 නිලධාරී කණ්ඩායමක් කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් හතළියක් ළඟතබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් රජයේ කැලයක අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක් කපා එළි පෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. වලස්මුල්ල අධිකරණය වෙත රැගෙනගොස් නැවත බන්ධනාගාරය වෙත රැගෙන එන ලැබු රැඳවියකු පරීක්ෂා කිරීමේදි ඔහු ළඟ තිබි සුරුට්ටු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා මරණ ලැබු මුවකු පුද්ගලයින් දෙදනකු සමග අත්අඩංගුවට ගෙන ඇත. ඉරණමඩු වැව්රක්ෂිතයේ වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථවලට පටවමින් සිටි එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. මඩුරක්ෂිතයේ අනවසරයෙන් කපා ප්‍රවහනය සඳහා සූදානම් කර තිබු බුරුත දැවට කඳන් තොගයක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මන්නාරම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව පරංගිආරු ඔයට ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර වැලිපටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ආරුගම්බේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පොතුවිල් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් විශේෂ කාර්යාංශයේ හා යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරි සමග ඒකාබද්ධ වැටලීමක් සිදුකොට නීති විරෝධි ලෙස කැලෑ එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් හාරසීය පනහක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව ජංගම ඉරුම් පට්ටලයක් යොදාගෙන දැව ඉරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ප්‍රවහනය කරන බවට ලැබු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු යතුරු පැදිය දමා පලාගොස් ඇති අතර යතුරු පැදිය පරීක්ෂා කිරීමේදි එහි සඟවා තිබු කේරළ ගංජා ග්‍රෑම් දෙසිය අනුපහක් අත්අඩංගුවට ගෙන තිබේ.
සෙට්ටිකුලම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් පෙරීම සඳහා යොදාගන්නා ගෝඩා ලීටර් එකසිය පනහක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. රත්ගම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් තීරුබදු නොගෙවා ආනයනය කළ දුම්වැටි දෙසිය විස්සක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. තණමල්විල පොලිසීය ස්ථානයේ නිලධාරී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒකාබද්ධව වැටලීම් අටක් සිදුකර රජයේ ඉඩම් අනවසරයෙන් ගිනිතබා එළිපෙහෙළි කළ පුද්ගලයින් අටදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් ටිපර් රථවලින් පස් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලියින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments