රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ ප්‍රධාන ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා……
එම සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා……
සීමාවාසික පත්වීම් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන් සඳහා එළෙඹෙන සති අන්තයේදී විශේෂ පුහුණු වැඩමුළුවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
සංවිධානය කර තිබෙනවා. යහපත් සිමාවාසිකයා වැඩසටහන තුලින් වෛද්‍යවරුන් සඳහා සීමාවාසික පුහුණුවේද ී ලැබිය යුතු ඒ අත්දැකීම්, දැනුම සම්බන්ධයෙන් සමාන්‍යයෙන් අපි
වාර්ෂිකව වැඩ සටහනක් සංවිධානය කරනවා. එම වැඩසටහන පවත්වන්නේ ඒඅය එක් ස්ථානයකට කැඳවලා . නමුත් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ zoom තාක්ෂණ
අන්තර්ජාල පහසුකම් තාක්ෂණ භාවිතා කරමින් මේ සති අන්තයේදී එම වෛද්‍යවරුන් සඳහාවන පුහුණුව ලබාදෙනවා. එමෙන්ම ඊළඟ සති අන්තය වනවිට මේ සීමාවාසික පත්වීම්
බලාපොරොත්තුවන වෛද්‍යවරුන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ අයගේ ශ්‍රී ලංකාවේ සිටින නියෝජිතයින් සමගත් එකතුවෙලා ඒකාබද්ධව විශේෂ කොවිඩ් පුහුණු
වැඩසටහනක් කරනවා. ඒ වගේම මේ සීමාවාසික පත්වීම් බලාපොරොත්තුවන වෛද්‍යවරුන් සඳහා කොවිඩ් මර්දනය සඳහා අවශ්‍යවන ඒ මූලික දැනුම ලබාදීම සඳහා වැඩසටහන්
මාලාවක් අපි මේවනවිට සංවිධානය කරලා තිබෙනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වන්නේ මේ වෛද්‍යවරුන් සීමාවාසික පත්වීම් ලැබිලා එනවිට රෝගි සත්කාර සේවාව සඳහා ඒ
වෙනුවෙන් සූදානම් කිරීමයි.
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කමිටු සාමාජික අපි ලබන සතියේ (2)(3) මේ රටට දායදය කරනවා තවත් වෛද්‍යවරු දහසකට ආසන්න සංඛ්‍යාවක්. යහපත් සිමාවාසික
වෛද්‍යවරයා කියන වැඩසටහන් හරහා ඔවුන්ගේ සම්පූර්ණ පුහුණ කාලය අවසන් කරලා මේ රටට අවශ්‍ය කරන සේවාව සපයාදීම සඳහා වෛද්‍යවරු දහසකට ආසන්න සංඛ්‍යාවකට
මෙසේ පුහුණුව ආරම්භ කරනවා. ඉකුත්වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පුහුණු වැඩසටහන ආරම්භවුණේ. එහෙත් වත්මන් කොවිඩ්
තත්ත්වය මත මේ වෛද්‍යවරු දහස පුහුණු කිරීම සඳහා zoom තාක්ෂණය ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා ලෝක සෞඛ්‍ය
සංවිධානයේ මෙරට නියෝජිතවරිය සමගත් එකමුතුව මෙම වැඩසටහන ආරම්භ කිරීමට. ඒ වැඩසටහන හරහා අපිට දායදය වන වෛද්‍යවරු අංඟ සම්පූර්ණ තමුන්ට ආත්ම ශක්තියක්
ඇතිව වැඩකරන්න පුළුවන් සියලුම තාක්ෂණික , සියලූම විශ්වාසයන් ගොඩනැඟුණු වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීමට. අපි වසර ගණනාවක් තිස්සේ
මේ සීමාවාසිකයා කියන වැඩසටහන් ආරම්භ කරලා තිබෙනවා.
පූර්ව නේවාසික වෛද්‍යවරුන් සදහා පවත්වනු ලබන “යහපත් සීමාවාසිකයා වැඩසටහන”
පූර්ව නේවාසික වෛද්‍යවරුන් සදහා පවත්වනු ලබන “යහපත් සීමාවාසිකයා වැඩසටහන”
තුලින් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක බව දියුණු කිරීම
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු, වෛද්‍ය විද්‍යාවේ ප්‍රමිතිකරණය අනුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියකට අනුගතව ඇත.
පසුගිය කාලය
තුල වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වන පුරවැසියන් අන් අය සමග සබදතා පැවැත්වීමේදි යම් යම් අඩුපඩු ඇති බව ලෝකය පුරා නිරීක්ෂණය වී ඇත. එමෙන්ම මහජනතාවට
තොරතුරු ලබා ගැනිමට ඇති හැකියාව දියුණු වීමත්, විවිධාකාරයේ ප්‍රතිකාර ක්‍රම බිහි වීමත් නිසා රෝගී අපේක්ෂාවන් ඉහළ ගොස් ඇත.
මේ හේතුවෙන් වෛද්‍යවරුන් ලෙස සේවා
සැලසීම අභියෝගයක් වී ඇත. දැනුම කොතරම් තිබුණත් කුසලතා දියුණුකර ගැනීමත්, මහජන අපේක්ෂා කාර්යක්ෂමව ඉටු කර දීමත් සදහා අවශ්‍ය අංග වර්තමානයට ගැලපෙන ලෙස
වෛද්‍යවරුන්ට පුහුණු කර යුතුව ඇත.
වෘත්තීයවේදින් වු වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකට ගැනීම සදහා දැනට මහජන චෝදනාවන්ට ලක්වන කාරණා පිළිබද
වෛද්‍යවරු සංවේදී කිරීම සදහා අප සංගමය පසුගිය කාලය පුරා කටයුතු කරන ලදි. ඒ අනුව,
යහපත් සීමාවාසිකයා වැඩසටහන අදියර තුනකින් සමන්විතයි.
- සෑම
සීමාවාසික වෛද්‍යවරයෙකුටම සිංහල, දෙමළ හා ඉංග්‍රිසා භාෂා ත්‍රිත්වය දැනගැනීම අත්‍යවශ්‍ය කාර්යයකි. ඒ සදහා කැබිනට් මණ්ඩලය අනුමත දින 11 ක නේවාසික වැඩසටහන
“යහපත් සීමාවාසිකයා වැඩසටහනේ” පළමු පියවරයි. වසර 2013 සිට අද දක්වා වෛද්‍යවරුන් 4400 කට ආසන්න ප්‍රමාණයක් දෙවන භාෂා පුහුණුව ලබා ඇත.
- රෝගී
සත්කාරය සදහා අත්‍යවශ්‍ය ප්‍රායෝගික සායන පුහුණු පාඨමාලාව යහපත් සීමාවාසිකයා වැඩසටහනේ දෙවන අදියරයි.
- තෙවන අදියර ලෙස දින දෙකක පාඨමාලාවක් පවත්වනු
ලබයි. එය ඔක්තොම්බර් 02 හා 03 වැනි දින පැවැත්වෙනු ලැබේ.
රෝගී සත්කාරය සදහා අත්‍යවශ්‍ය ප්‍රායෝගික සායනික කුසලතා දියුණු කිරීම සදහා පාඨමාලාවක්ද මෙම යහපත්
සීමාවාසිකයා වැඩසටහනට ඇතුලත් කරන ලදි.
වෘත්තීයවේදින් ලෙස ගුණාත්මක වෛද්‍යවරුන් වර්තමානයේ දියුණු වන ලෝකයට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව බිහි කිරීමේ
අරමුණින් අප සංගමය මෙම වැඩපිළිවෙල සකස් කොට ඇත. එහිදි ජාත්‍යන්තර මට්ටමේ සියලු පුහුණු පාඨමාලා වල ඇති යහපත් කරුණු උකහා ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ
මූලධර්මද ඊට ඇතුලත් කර මෙම වැඩමුලුව නිර්මාණය කර ඇත.
වෛද්‍ය ක්ෂේත්‍ර යේ ඉහළම දැනුමත් ඇති සම්මානනීය විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, නීති
විශාරදයින්ගේ දේශණ මිට ඇතුලත් කර ඇත.
ඉදිරි සති කිහිපය ඇතුලත සීමාවාසික වෛද්‍ය සේවයට බැදෙන වෛද්‍යවරුන් සදහා වන මෙම පුහුණු පාඨමාලාව ඔක්තොම්බර් මස 02
සහ 03 යන දිනවලදි ZOOM තාක්ෂණය ඔස්සේ 1000 කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් සහභාගි කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් ශාලාවේදි සෞඛ්‍ය
අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව මෙයින් දැනුවත් කරමි.