පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා (30) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීය.
මෙම උත්සවයට මන්මුනෙයි නිරිතදිග ප්‍රාදේශීය සභාපති චින්නතුරේ පුෂ්පලිංගම්, පට්ටිපාලේ ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී වයි.චන්ද්‍රමෝහන්, රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරක ලේකම්වරුන් සහ ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් සහභාගී වූහ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණයින්ගේ ක්‍රීඩා අංශය ප්‍රවර්‍ධනය කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩා පිටි දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
RELATED ARTICLES