23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOP*විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම් මාස 09 ක් ප්‍රමාදයි.

*විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම් මාස 09 ක් ප්‍රමාදයි.

*සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි

ආකාර්යක්ෂමතාවය මීට හේතුවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු පැහැදිලි කරයි.

මෙම වසරේ විශේෂඥ

වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන

මාරු අවසන් ලැයිස්තුව 2020

නොවැම්බර් 01 වන දින වන විට

නිකුත් කළ යුතුව තිබුණි. එහෙත්

සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි

ආකාර්යක්ෂමතාවය නිසා මේ

වසරේ වාර්ෂික ස්ථාන මාරු

නියෝග නිකුත් කරන ලද්දේ

2021.07.30 දිනය. එම

නිසා 2021 ජනවාරි 01 වන

දින ස්ථාන මාරුවීම් ලැබිය යුතුව

තිබු විශේෂඥ වෛද්‍යවරුන් එසේ

ස්ථාන මාරු වීම් මාස 09 ක් ප්‍රමාද

වී ඇත.

2021 වාර්ෂික ස්ථාන

මාරු නියෝගය අනුව විශේෂඥ

වෛද්‍යවරුන් 726 ක් රෝහල්

සඳහා ස්ථාන මාරු වී යා යුතු අතර

වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන්

748 ක් මෙම මාරුවීම් පටිපාටිය

සුමට කිරීම සඳහා අනුයුක්ත කළ

යුතුව ඇත.

එහෙත් සෞඛ්‍ය

ලේකම්වරයාගේ නියෝග රටේ

රෝහල් වල ප්‍රධානීන්

නොපිළිගන්නා තත්ත්වයක් ඇති වී

ඇති අතර මෙම ස්ථාන මාරු

ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික

ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය

සතුව නැත.
ඊට අමතරව එසේ

ස්ථාන මාරු ලැබුණු විශේෂඥ

වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත

වාර්තා කර ඇත්දැයි දැන ගැනීම

සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු

වැඩ පිළිවෙලක් මේ වනතුරු සකස්

කර නැත.

අප මාධ්‍යවේදින්ගෙන්

ඉල්ලා සිටින්නේ ඒ පිළිබදව

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසන

ලෙසයි.

ඒ හේතුවෙන් මේ වන විට

දුෂ්කර ප්‍රදේශ වල පවතින රෝහල්

වල සේවා සැපයීම අඩාල වී ඇත.

ඊට හොඳම උදාහරණය නම්,

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ශල්‍ය

වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු නිසා

එහි ශල්‍ය කර්ම සිදු කිරීම

සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත.

ඊට අමතරව එම රෝහලේම

විකිරණවේදය පිළිබඳ විශේෂඥ

වෛද්‍යවරු දෙදෙනෙක්, මානසික

රෝග පිළිබඳ විශේෂඥ

වෛද්‍යවරයෙක්, විකලාංග

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්,

රක්තවේදය පිළිබඳ විශේෂඥ

වෛද්‍යවරයෙක් සඳහා ද පුරප්පාඩු

පවති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments