29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවැලි, පස් ජාවාරමුන් එස්.ටී.එෆ්. දැලේ.

වැලි, පස් ජාවාරමුන් එස්.ටී.එෆ්. දැලේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය අරන්තලාව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මහඔය පොලිස් වසමේ බොරපොල අකුල්මඩ ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව පස්කැණීම් කරමින් සිටි ජේසිබි යන්ත්‍රයක් සහ බලපත්‍ර රහිතවල ප්‍රවහනයට සූදානම් කර තිබු පස් කියුබ් දෙකක් පිරවු ටිපර් ථයක් සමග පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුවරසන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එම පොලිස් වසමේ එරුක්කල්ලන්කාල් ප්‍රදේශයේදී බලපත්‍ර නීති කොන්දේසී උල්ලංඝනය කරමින් පස් කියුබ් තුනක් ප්‍රවහනය කරමින් තිබු ටිපර් රථයක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම පුත්තලම පොලිස් වසමේ අබේපුර ග්‍රාමය ප්‍රදේශෙයේදී හෙරොයින් ග්‍රෑම් 2.6ක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. අරන්තලාව කඳවුරේ නිලධාරී කණ්යමක් මහඔය පොලිස් වසමේ බැදිරැක්ක ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් මහඔය තුල බෝට්ටු තුනකට වැලි කැණීම් කර පටවමින් සිටින පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments