නවසීලන්තයේ පළමු මහ කොමසාරීස් ලෙස පත්වු මයිකල් ඇපල්ටන් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත අතර හමුවක් ඉකුත් දින සිදුවූහ.
පළමු මහ කොමසාරිස් වශයෙන් පත්වු මයිකල් ඇපල්ටන් මහතාට අමාත්‍යවරයා සුභ පැතුම් එක්කළ අතර ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර සහයෝගිතාවය හා සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සම්බන්ධ අදහස් හුවමාරු කිරීම සිදුවිය.
එසේම දෙපාර්ශවයට වඩා වැදගත්වන කරුණු සම්බන්ධව හා ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුවී තිබේ. මීට අමතරව ආරක්ෂක සහයෝගිතාවය වැඩිදියුණු කිරීම හා රටවල් දෙක අතර පොදු අවකාශ පිළිබඳවත් අවධානය යොමුවිය. ඒ යටතේ සමාජීය ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍ර පිළිබඳවත් මහ කොමසාරිස් හා අමාත්‍යවරයා අතර සාකච්ඡා වූහ.