27 C
Sri Lanka
Monday, June 23, 2025
HomeTOPශ්‍රී ලංකා ගුවන් හමුදාපතිගෙන් නව ඉන්දියානු ගුවන් හමුදාපතිට සුභාසංශන.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිගෙන් නව ඉන්දියානු ගුවන් හමුදාපතිට සුභාසංශන.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා (03) දුරකථන ඇමතුමක් මගින් නව ඉන්දියානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞදාරි මහතා හට ගුවන් හමුදාපති තනතුරට පත්විම සහ එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් විම පිළිබඳ සිය උණූසුම් සුභපැතුම් පිරිනැමීය. මෙහිදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ ඒ මහතාගේ නායකත්වය යටතේ අනාගත අභියෝග ජයගනිමින් ඉන්දීය ගුවන් හමුදාව සාර්ථකව ඉහල තලයකට ගෙන යාහැකි බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු ගුවන් හමුදාවේ අන්නෝන්‍ය සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරිම, ඒකාබද්ධ මෙහෙයුම් මගින් කලාපයේ ගුවන් ආරක්ෂාව තහවුරු කිරිම සහ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments