29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකැලෑපාළුවන්,වටිනා දැව හා නීති විරෝධි මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගනී.

කැලෑපාළුවන්,වටිනා දැව හා නීති විරෝධි මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගනී.

විදේශීය රටවලට අපනයනය කිරීම සඳහා සිංහරාජ රක්ෂිතයෙන් නීති විරෝධීව කපන ලද සුදු හඳුන් හා වල්ලපට්ට තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය

බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

එහි දී සුදු හඳුන් කොට කැබලි, පොතු, කුඩු කිලෝ ග්‍රෑමි 300.6, වල්ලපට්ටා කොට කැබලි, පොතු, කුඩු කිලෝ ග්‍රෑමි 341.5, වල්ලපට්ටා

ශාකයේ කොටස් නිස්සාරනයෙන් ලබාගන්නා ලැබු වල්ලපට්ටා තෙල් මිලි ලීටර් 175, සුදු හදුන් ශාක කොටස් යතු ගෑම සඳහා යොදාගන්නා ලද Dong Cheng වර්ගයේ

Electric Planer යන්ත්‍ර 01 ක්, යකඩ නිස්සාරන උඳනු 03 ක්, තෙල් නිස්සාරනය සඳහා භාවිතා කරන ලද වීදුරු බීකර 07 ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නෛතික

කටයුතු සිදුකිරීම සඳහා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ මාතර දිසා වන කාර්යාලය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව සිදුකොට තිබෙන අතර මෙම සියලු වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී

නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

නීති විරෝධීව සිංහරාජ ලෝකඋරුමයක් ලෙස නමිකර ඇති රක්ෂිතයට ඇතුළු වී සුදු හඳුන් හා

වල්ලබටිටා කපා ගබඩා කර නීති විරෝධීව සුවඳ විළවුන් හා ඹෟෂධ නිපදවීම සඳහා මැදපෙරදිග රටවලට අපනයනය කිරීමේ අරමුණින් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 58 ක

මුස්ලිමි ජාතිකයෙකු (03) හක්මන පොලිස් වසමේ අංක,257 කිරින්ද මඟින් පහල පුහුල්වැල්ල යන ලිපිනයේ ස්ථානයේදී දකුණු

පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් හා මාතර දිසා වන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්

අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන දෛනික අනෙකුත් වැටලීම්වලදී ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කේරළ ගංජා කිලෝ පහළොවක් හා ග්‍රෑම් තුන්සිය හතරක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් එකසියදහසයක් හා නීති විරෝධි මත්පැන් ලීටර් තුනක් ළඟ තබාගෙන සිටි

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර කේරළ ගංජා එකසිය අසූවයක් සමග පුද්ගලයින් දෙදෙනකු

අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චියේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම ප්‍රදේශයේ සඟවා තිබු නීති විරෝධි මත්පැන් ලීටර් විස්සක්,ගෝඩා ලීටර් එක්දහස් පහක් හා පෙරීමේ

උපකරණ සැකකරුවෙකු රහිතව අත්අඩංගුවට ගෙන ඇත. පුලියන්කඩවල මීහොදනෑව රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී පළු ගසක් කැබලි කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු

කැබිතිගොල්ලෑව කඳවු‍රේ නිලධාරි අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව ජංගම ඉරුම් පට්ටලයක් යොදාගෙන දැව ඉරමින් සිටි

පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ

තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. තලවකැලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් විශේෂයක් වන (සීනි කරිඤ්ඥා) ලීටර්

විස්සයිදශමහැත්තෑපහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් ලීටර් 33.75ක් ළඟ තබාගත් අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන් ලීටර් 1.5ක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments