පොලිස් විශේෂ කාර්ය බලකාය ජංගම දුරකථන ඔස්සේ හෙරොයින් අලෙවි කළ පුද්ගලයෝ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ තුඩුව, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර එහි දී නිවසක් තුල හෙරොයින් ගබඩා කර ඉතාමත් සූක්ෂම ආකාරයෙන් එම නිවසේ ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව හා දොර ජනෙල් වසා ගෙන ජංගම දුරකථන මාර්ගයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ගැණුම් කරුවන්ට හෙරොයින් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෙම වැටලීම (02) සිදුකර ඇති අතර එහි වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හා එම නිවස පරික්ෂා කිරීමේදී ආරක්ෂක අංශයේ නිලධාරි එම නිවස වැටලීමක් සිදු කරන අවස්ථාවේදී ක්ෂණිකව නිවසේ සවිකර ඇති නවීන වැසිකිළියට මුදාහැරීමට හැකිවන ක්‍රමවේදයකට සකසා ඇති බව එම නිවස පරික්ෂා කිරිමේදී කරුණු අනාවරණය කරගන්නා ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්
වයස අවුරුදු 50 යි 34යි, .
146/1, අනගාරික ධර්මපාල මාවත,දෙහිවල යන නිවස හා අංක 184, උළුකැපුවත්ත,තුඩුව, හබුරුගල යන ලිපිනවල මොවුන් පදිංචිව සිට ඇත. මෙහි සෝදිසි කිරීම්වලදී හෙරොයින් ග්‍රෑම් 03, මි.ග්‍රෑ. 460 යි, මුදල් රුපියල් 118,990ක්
තිබි අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අළුත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩබ්.එස්. ජයකොඩි ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැටලීම සිදුකොට ඇත.
මේ අතර මන්නාරම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කසළ ගොඩක් ආසන්නයේ තිබු කේරළ ගංජා කිලෝ දෙකක් හා ග්‍රෑම් තුන්සිය පනහක තොගයක් අත්අඩංගුවට පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි, මිලිග්‍රෑම් හයසීයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුරට විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානයට භාරදී ඇත. වියළි ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අගුණකොළ පැලැස්ස පොලිස් ස්ථානයට භාරදීමට තංගල්ල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් ක්‍රියාකර තිබේ. හෙරොයින් ළඟ තබාගත් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ඌරගසමංහන්දිය පොලිස් ස්ථානයට භාරදීමට අලුත්ගම කඳවුරේ නිලධාරී ක්‍රියා කර තිබේ. එමෙන්ම යාපනයේ කඳවුරේ කණ්ඩායමක් කඩු දෙකක් හා උල් පිහියක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන වඩුක්කොට්ටේ පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අනවසරයෙන් කපා ප්‍රවහනය සඳහා සූදානම් කර තිබුණු බුරුත දැව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මඩු අඩවිවන කාර්යාලය වෙත භාරදී ඇත. අරලගංවිල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. වව්නියාව කඳවුරේ නිලධාරි කණ්ඩායමක්, රඹෑව බීට්ටු වන නිලධාරි ඒකාබද්ධව බලපත්‍ර රහිතව රක්ෂිතය එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මැදවච්චිය අඩවි වන කාර්යාලය වෙත භාරදි තිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අනවසරයෙන් රක්ෂිතය එළිපෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව බීට්ටු වන කාර්යාලයට භාරදී තිබේ. බලපත්‍ර රහිතව දැව ළඟ තබාගත් අයකු කලවංචිකුඩි කඳවුරේ නිලධාරි අත්අඩංගුවට ගෙන වෙල්ලාලි වන ක්ෂේත්‍ර කාර්යාලයට භාරදී ඇත. රජයේ කැලෑවක් තුල අනවසරයෙන් භූමිය අත්පත් කර ගැනීමේ අදහසින් විදුලි වැටක් ඉදිකරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බුත්තල බීට්ටු වන කාර්යාලය වෙතභාරදී තිබේ.