25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම තුළ ලංකාවේ සිද්ධස්ථාන සංවර්ධනය සඳහා ඇ.ඩොලර්...

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම තුළ ලංකාවේ සිද්ධස්ථාන සංවර්ධනය සඳහා ඇ.ඩොලර් මිලියන 15 අරමුදලක් – විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා.

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම තුළ ලංකාවේ සිද්ධස්ථාන සංවර්ධනය සඳහා ඇ.ඩොලර් මිලියන 15 අරමුදලක් ශ්‍රී ලංකාව වෙත ස්ථාපිත කර ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

එසේම මෙම ව්‍යාපෘති සඳහා සෑම වර්ෂයකම ඇ.ඩොලර් මිලියන 03 ලබා දීමට අවශ්‍ය උපදෙස් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ලබා දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……….ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ශ්රිඑ හර්ෂ්වර්ධන් ශ්රිාලාල් මැතිතුමා දින 03 ක සංචාරයක් සඳහා අපේ රටට පැමිණියා. එතුමා පැමිණියේ ශ්රි් ලංකා රජයේ ආරාධනාවක් අනුවයි. එතුමා පැමිණියේ එක ව්යාේපෘතියකට හෝ එක විෂයකට සම්බන්ධ දෙයක් සඳහා නොවේ. ඉන්දියාව හා ලංකාව අතර තිබෙන ද්වීපාර්ශවික සම්බන්ධතාවය කිසිසේත් සීමා කරන්න පුළුවන්කමක් නෑ. ඉතිහාසයේ මුල සිට සමීප සම්බන්ධතාවයක් මුල ඉදන්ම ඉන්දියාව සමඟ තිබුණා. දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික ක්ෂේත්ර් සියල්ලම ආවරණය වන විදිහට අංග සම්පූර්ණ සම්බන්ධතාවයක් තමයි මුල ඉඳන්ම ශ්රික ලංකාව හා ඉන්දියාව අතර තිබුණේ. මේ සියල්ල අභිවාව යන සාධකයක් තමයි රටවල් දෙකේ ජනතාව අතර තිබෙන්නේ.ඉන්දියාවේ අග්රා මාත්යස ශ්රින නරේන්ද්රව මෝදි මැතිතුමාගේ පෞද්ගලික මැදහත්වීම මත ඇමරිකානු ඩොලර් මිලියන 15 ක අරමුදලක් ශ්රි් ලංකාවේ පන්සල, පිරිවෙන්, කෝවිල්වල යහපත සඳහාස්ථාපිත කරලා තිබෙනවා. එසේම ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා උපදෙස් දිලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු තානාපතිතුමාට සෑම අවුරුද්දේම ඇ.ඩොලර් මිලියන 03 ක් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා භාවිතා කළ යුතුයි කියලා.

ඒ වගේම ඔක්තෝම්බර් 20 දා ඉතාමත් වැදගත් සිද්ධියක් සිදුවෙනවා. ඉන්දියාව ප්රතථම බෞද්ධ ජාත්යමන්තර ගුවන්තොටුපළ කුෂ් නගර් නගරයේහදලා තිබෙනවා. මෙය ජාත්යනන්තර මට්ටමට වර්ධනය කර තිබෙනවා. මෙම ගුවන්තොටුපලට ප්රහථම ගුවන් ගමන පැමිණෙන්නේ ශ්රිද ලංකාවයි. අපේ රටේ භික්ෂූන් වහන්සේලා 100 නමක් පමණ ඒ සංචාරයට එක්වීමට නියමිත වෙලා තිබෙනවා.
කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණදීම සඳහා අපිට අවශ්යන වූ එන්නත් මහා පරිමාණයක්ඉන්දියාව තුළින් ආධාර වශයෙන් ලබා දුන්නා. ඒ පිළිබඳව ශ්රිබ ලංකා රජය කෘතඥතාවය ඉන්දියාවට පල කරනවා. එසේම සංචාරක කර්මාන්තය ක්රශමක් ක්රලමයෙන් ආරම්භ වෙනවා. මෙම සංචාරක කර්මාන්තය අපේ රටේ ආර්ථිකයට අවුරුද්දකට ඇ.ඩෝලර් බිලියන 4.2 ක් වෙනවා.මෙකි සංචාරක කර්මාන්තයට විශාල සංඛ්යායවක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි.
එසේම ඉන්දියාව මහා පරිමාණ ආයොජන අපේ රටට කරන්න සූදානමින් සිටිනවා. ඖෂධ නිෂ්පාදනය හා පරිගණක තාක්ෂණය අපේ රටේ ආර්ථිකයට නව ජීවයක්, ශක්තියක් එකතු කිරීම පිළිබඳඉන්දියාව විශේෂයෙන් මෙකි ක්ෂේත්රර දෙක හඳුනාගෙන තිබෙනවා. ශ්රිශ ලංකා රජය උත්සහ කරන්නේ ආයෝජන මණ්ඩලයේ අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක අධිකාරිය, තේ මණ්ඩලය මේ සියල්ල එකතු කරගෙන ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීමටයි.ඒ තුළින් ඉන්දියාව හා ශ්රිර ලංකාව අතර තිබෙන ආර්ථික සම්බන්ධතාවය වඩාත් පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට හැකියි.

එසේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළබඳව විශේෂ අවධානයක් යොමුවි තිබෙනවා.1986 හා 2003 මේ සඳහා ගිවිසුම්වලට අත්සන් තබා තිබෙන්නේ. අද ක්‍රියාත්මක වෙන්නේ ඒ ගිවිසුම්. අලුතින් නිර්මාණයවුනු ගිවිසුම් නොවේ. අපේ රටට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඉන්දියාව සමඟ සාකච්ඡා දැන් කරනු ලබන්නේ.
රටේ කතාබහට ලක්වි තිබෙනවා පැන්ඩෝරා ප්‍රශ්නය. මෙම පැන්ඩෝරා ලියවිලි 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් කෙසේද ආයෝජනය වෙලා තිබෙන්නේ කියලා අන්තර්ගත වෙලා තිබෙන්නේ.1900 ඉඳලා 2000 දක්වා මහින්ද රාජපක්ෂ යුගය ආරම්භ වෙලා තිබුණේ නෑ. ඒ කාල වකවානුව රාජපක්ෂ රජයට කිසිසේත් අදාල වන කාල වකවානුවක් නොවේ. නමුත් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය තමයි මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් පැවැත්විය යුතුයි කියලා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම්මහතා………… අපි අද මේ වන විට රටක් හැටියට කොවිඩ් ව්යඳසනයෙන් ගැලවෙන්න ඕන සාධනීය ක්රි.යාමාර්ග අරගෙන තිබෙනවා. අපි එන්නත්කරණයෙන් ලෝකයේ බොහෝ දියුණු රටවල් වලට වඩා ඉදිරියෙන් සිටිනවා.

පහුගිය දවස්වල අපේ රටේ ඉන්න හැමදේම ඝෘණාත්මකව හිතන යම්කිසිවිදේශ විශේෂඥ පිරිසක් විසින් නිකුත් කරපු වාර්තාවක් ලෙස දක්වලා තිබුණා සැප්තැම්බර් මාසය අවසානය වන විට මේ කොවිඩ් වසංගතය නිසා ලංකාව ව්ය්සනකාරි තත්වයකට පත්වෙනවා කියලා.දිනකට මරණ ප්රිමාණය 350 සිට 500 දක්වා යෑමට පුළුවන් සහ ජිවිත අහිමි කර ගන්නා යම්කිසි මතයක් ඔවුන් විසින් ප්ර්කාශ කරලා තිබුණා. හැබැයි සියලු විශේෂඥ මතවලට එරෙහිව ගිහින් අපිට ලංකාවේ තත්වය සාධනිය තත්වයකට පත් කර ගන්න හැකියාව ලැබි තිබෙනවා. සෞඛ්යහ අංශයට හා ත්රි විධ හමුදාවට අපේ ස්තූතිය පුද කරන්න ඕන.

නැවතතත් විවිධ බලවේග විවිධාකාරයෙන් විවිධ අයිතිවාසිකම් නාමයෙන් ඇවිල්ලා නැවත රටපුරා උද්ඝෝෂණ රැලි ඇති කරමින් මේ රටේ නැවතත් කොවිඩ් රැල්ලක් ඇති කරන්න උත්සහ කරනවා. ඔබ මේ රටේ අනාගතයට ආදාරය කරන කෙනෙක් නම් මේ එවැනි දේට අවස්ථාව නොවේ.මේ කොවිඩ් වෛරසය තුරන් කරලා අපි මේ රට ඉදිරියට ගෙනියමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments