21.4 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාවයස අවුරුදු 15 – 19 ත් අතර වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන් හට...

වයස අවුරුදු 15 – 19 ත් අතර වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන් හට ෆයිසර් එන්නත ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කර සිටියි.

වයස අවුරුදු 15ත් 19 ත් අතර නිරෝගී දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණ‍ෙජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අතර ඊයේ (06) සිදු වූ සාකච්ඡාවකදී ළමුන් එන්නත්කරණයේ දෙවන අදියර වන අවුරුදු 15 – 19 ත් අතර නිරෝගී දරුවන් එන්නත්කරණය සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාව පිළිබඳව විමසීමක් සිදු විය.

දරුවන් එන්නත්කරණය හා සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් සිදු කරන්නා වූ යාන්ත්‍රණයම යොදාගනිමින් වයස අවුරුදු 15 – 19 ත් අතර වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන් හට ෆයිසර් එන්නත ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කර සිටියි. තවද, ආසාත්මිකතා සහ අනිකුත් රෝග වලින් පෙලෙන දරුවන් සඳහා විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් තුළදී එන්නත ලබා දීම යෝග්‍ය බව පෙන්වා දෙමු.

ඒ අනුව නිරෝගී දරුවන් එන්නත්කරණ වැඩසටහනේ පළමු පියවර ලෙස ලබන සදුදා (11) සිට වයස අවුරුදු 18 – 19 ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ රෝහල් පද්ධතිය තුළ ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එන්නත්කරණ තාක්ෂණික කමිටුව තීරණය කරන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments