22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිය විදහා පාමින් සාර්ථක කොවිඩ් එන්නත්කරණය වසරක කාලයක් සනිටුහන්...

ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිය විදහා පාමින් සාර්ථක කොවිඩ් එන්නත්කරණය වසරක කාලයක් සනිටුහන් කරයි.

2019 වසරේ අග භාගයේදි චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වී සමස්ථ ලෝකය පුරාම සීඝ්‍රයෙන් ව්‍යාප්තව ගිය කොවිඩ් වසංගතය මෑත කාලයේදී ලෝක ප්‍රජාව මුහුණ දුන් දරුණුතම සෞඛ්‍ය අර්බුදය බවට පත් ව ඇත.

වෛද්‍ය විද්‍යාවේ ඓතිහාසික විප්ලවීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉතාම කෙටි කාලයකින් කොවිඩ් රෝගයට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට යටත්ව 2020 වසරේ අගභාගය වන විට නිෂ්පාදනය ආරම්භ කරන ලදී.

ගෝලීය කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය තුල 2021 වසරේ ජනවාරි 29 දින වන විට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කළ මුල් රටවල් කිහිපයට ශ්‍රී ලංකාව ඇතුලත් විය. එහිදි, කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා ලැයිස්තු සැකසීමේදී සිදු වූ අඩුපාඩු නිවැරදි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුලිකත්වය ගන්නා ලදී.

අද වන විට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 51 රටට ගෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර ඉන් මිලියන 35 කට වඩා පළමුවන, දෙවන හා තෙවන මාත්‍රා ලෙස ලබා දී ඇත. (පළමු මාත්‍රාව මිලියන 16.5, දෙවන මාත්‍රාව 13.9 හා තෙවන මාත්‍රාව මිලියන 5)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ ජාත්‍යන්තර ප්‍රමිතිය හා එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිය විදහා දක්වමින් දින 365 ක් ඇතුලත දිනකට දල වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබා දීමට හැකි විය.

ජීවිත අවදානම නොතකා කොවිඩ් එන්නත්කරණය සාර්ථක කිරීම සඳහා දායක වූ සියළුම විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රණාමය පුදකර සිටිමු.

තවද, එන්නත්කරණය සාර්ථක කරගැනීම සඳහා නොමද සහයක් දැක් වූ ත්‍රිවිධ හමුදාව, සියළු රාජ්‍ය නිලධාරීන්, පලාත් පාලන ආයතන හා දේශපාලන අධිකාරිය සඳහා ‌‌ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.

මෙය කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යම මොහොතකි. තුන්වන මාත්‍රාව හා දෙවන එන්නත් මාත්‍රාව ලබා නොගත් ජනතාවගෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනුයේ තමන්ට හිමි එන්නත් මාත්‍රාව ලබා ගැනීම තුලින් කොවිඩ් වංසගතය පරාජය කිරීමට සහාය ලබා දෙන ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments