aaaaa
පොලිස් විශේෂ කාර්ය බලකාය
සංවිධානාත්මක අපරාධ මර්දන
ඒකකය 11 හී නිලධාරී
කණ්ඩායමක් අයිස් ග්‍රෑම් 126ක්,
හෑස්ග්‍රෑම් 32ක් හා මත්ද්‍රව්‍ය
ජාවාරමෙන් උපයාගත් රුපියල්
386,000.000ක්
ළඟතබාගෙන සිටි පුද්ගලයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් ජාවාරම් කිරීමේ
අරමුණින් කේරළ ගංජා ග්‍රෑම්
305ක් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ
කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම්
අංශ 1හී නිලධාරී කණ්ඩායමක්
කේරළ ගංජා ළඟ තබාගෙන සිටි
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
ඇත. ලියන්ගොල්ල වන අඩවි
කාර්යාලයේ නිලධාරීන් ලබාදුන්
තොරතුරකට අනුව විශේෂ කාර්ය
බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් නීති
විරෝධිව ඉරන ලැබු දැව තොගයක්
සැකකරුවෙකු රහිතව අත්
අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
බලපත්‍ර රහිතව රජයේ කැළයක
අක්කර එකක් පමණ භූමි
ප්‍රමාණයක් එළිපෙහළි කළ ගිණි
තැබු අයකු අත්අඩංගුවට ගෙන
තිබේ. එමෙන්ම කහවත්ත කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් අයිස් හා
කේරළ ගංජා ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
තංගල්ල කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම්
54ක් ළඟ තබාගත් අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් රක්ෂිතයකින් කපා
ඉඩමක සඟවා තැබු ඉරන ලද ලී
21ක් සමග පුද්ගලයකු
අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් නිලි බලපත්‍ර රහිතව
බොරළු පස් පුරවා ටිපර් රථ තුනක්
ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින්
තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් යකට ආයුධයක් හා
ලී මුගුරක් ළඟ තබාගත් අයකු
අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
අනවසරයෙන් රක්ෂිතයකට
ඇතුළුවී ස්කෑන් යන්ත්‍රයක් භාවති
කරමින් පුරා විද්‍යා වටිනාකමක්
ඇති භාණ්ඩ හෝ මුල්‍යමය
වටිනාකමක් ඇති යම් දෙයක්
සොයමින් සිටි පුද්ගලයින් සිව්
දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පූගොඩ කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් වැටලීම් දෙකක්
සිදුකර හෙරොයින් ග්‍රෑම් දහයක් හා
මිලිග්‍රෑම් දෙසිය දහයක්, අයිස්
මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක්, මිලි ග්‍රෑම්
හාරසිය විස්සක් ළඟ තබාගත්
පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට
ගෙන ඇත. කලවංචිකඩි කඳවුරේ
කණ්ඩායමක් බලපත්‍ර රහිතව වැලි
කැණීම් කර ටිපර් රථයකට
පටවමින් සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. සූරියවැව කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර
රහිතව පතල් කැණීම් කරමින් සිටි
පස්දෙනකු අත්අඩංගුවට ගෙන
තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් වැටලීම් දෙකක්
සිදුකර බලපත්‍ර කොන්දේසී
උල්ලංඝනය කරමින් වැලි පටවා
ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින්
දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.
කහවත්ත කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් නීති විරෝධි මත්පැන්
ලීටර් 37.5ක් ළඟ තබාගෙන සිටි
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් නීතී විරෝධි
මත්පැන් ලීටර් 33.75ක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ.