ගිණි අවියක් සමග කොමාන්ඩෝ උපුල් යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සියලු වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකොට ඇත.
මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර කුලසේකර මහතාගේ උපදෙස් මත මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ගම්පහ ප්‍රදේශයේ නිවසක ගිණි අවියක් ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් (10) ගම්පහ පොලිස් වසමේ ගම්පහ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකොට එහි දී අදාල තොරතුරට අනුව එම නිවස පරික්ෂා කිරීමේ දී නිවස තුල අල්මාරියෙහි ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ විදේශීය රටක නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිණි අවියක්, පතුරම් ගැබක් සහ ගිණි අවියට යොදන උන්ඩයක්ද සමග යුධ හමුදා විශේෂ බලකාය හැර ගිය කමාන්ඩෝ උපුල් යන අනුවර්ථ නාමයෙන් හදුන්වන වයස අවරුදු 44 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීති විරෝධී අයුරින් පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර අලෙවි කිරීමේ ජාවාරමක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සමත්වී තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු නිලධාරී කණ්ඩායමක් (09) මීරිගම පොලිස් වසමේ අංක 67, මීගමුව පාර, මීරිගම ලිපිනයේ පිහිටි සමරවීර වීල් එලයිමන්ට් සහ ටයර් හවුස් යන ස්ථානයේ දී බලපත්‍ර නොමැතිව, නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධව මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සහ බුද්ධි තොරතුරු අනුව සැකකරු නීති විරෝධීව පුපුරන ද්‍රව්‍ය ව්‍යාජ කරුණු දක්වා ලබාගෙන ගබඩා කර වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කිරීම සිදුකරන බවට අනාවරණය විය. මෙසේ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ග්‍රෑම් 130 ට ආසන්න බරින් යුත් වෝටර් ජෙල් කූරු 81 ක්, ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑමි 75 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107 ක් හා සේවා නූල් මීටර් 360 ක ප්‍රමාණයක් තිබි සොයාගෙන ඇත. මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීරිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර පූගොඩ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙ තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර බලපත්‍රයක් රහිතව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලැබු කහ ප්‍රවහනය කිරීමේ වරදට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය1හී නිලධාරී කණ්ඩායමක් වැටලීමක් සිදුකර නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වන කැනබීස් සැටයිවාඑල් හෙවත් කේරළ ගංජා ග්‍රෑම් සීයක් ළඟ තබාගත් වරදට අයකු අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය මූලස්ථාන මෙහෙයුම් අංශයේ හී නිලධාරී කණ්ඩායමක් වැටලීමක් සිදුකර තහනම් මත් පෙති (pregabalin)පනස් පහක් ළඟ තබාගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම සමන්තුරය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීම් හතරක් සිදුකර බලපත්‍ර රහිතව නීතිවිරෝධිව වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු හා ගල්ඔය ගඟ තුලට ට්‍රැක්ටර් රථ බස්සවා ඉවුරු ඛාදනය වන අයුරින් වැලි කැණිම් කර පටවමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.අරන්තලාව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකොට බලපත්‍ර රහිතව කොන්දේසී උල්ලංඝනය කරමින් මහඔය තුල වැලි කැණීම්කර බෝට්ටුවකට පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. තීරබුද රහිතව නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙනතිබේ. කල්මුණේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර විදේශ රටකින් මෙරටට ගෙනවන ලැබු TRAMADOL CAPSULES
PB 50mg ලෙස සඳහන්ව ඇති මත් කරල් 100 ක් ද PregaSAFE ලෙස සඳහන්ව ඇති PREGABALIN 150MG වර්ගයේ මත්කරල් 400ක් බලපත්‍ර රහිතව ළඟ තබාගත් වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ. තලවාකැලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීමක් සිදුකර කෘත්‍රිම රා (සීනි කරිඤ්ඤා) ළඟ තබා ගැනීමේ වදර යටතේ අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙනියාය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර බලපත්‍ර රහිතව ටිපර් රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වතුකොළකන්ද කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර කේරළ ගංජා ළඟ තබාගන්නා ලැබු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අරලගංවිල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් එක්ව අත්අඩංගුවට ගැනීමක් සිදුකර බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් 12ක් ට්‍රැක්ටර් රථ සමග අත්අඩංගුවට ගෙන තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගැනීමක් සිදුකර වඩමුණ මොණරතැන්න ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ෆයිබර් බෝට්ටුවක් ආධාරයෙන් වැලි කැණීම් කර සිටි අයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පුද්ගලයින් පලාගොස් ඇති අතර වැලි ගොඩදැමිම සඳහා යොදාගත් බෝට්ටුව පමණක් අත්අඩංගුවට ගෙන ඇත. වව්නියාව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් හා භූවිද්‍යා පතල් කාර්යාංශය කොළඹ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් එක්ව ඒකාබද්ධ වැටලීමක් සිදුකොට මැදවච්චිය පොලිස් වසමේ නාවක්කුලම රජයේ කැලෑබද ප්‍රදේශයේ බලපත්‍ර රහිතව හැමර් යන්ත්‍රයක් උපයෝගි කරගෙන කළුගල් කැණීම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කුලම් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදුකර රක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවහනය සඳහා සූදානම් කර තිබු විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලිමක් සිදුකර බලපත්‍ර රහිතව නීති විරෝධිව ඉරන ලැබු කොස් දැව තොගයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.