මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සමග හමුවීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඉකුත්දින සිදු විය.
එක්සත් රාජධානියත් ශ්‍රී ලංකාවත් අතර දීර්ඝ කාලීනව පවතින සම්බන්ධතා ශක්තිමත් කිරීමට හැකි පොදු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. දෙරට අතර ද්විපාර්ශ්වික මිත්‍රශීලී සම්බන්ධතා ශක්තිමත් කිරීම, ආරක්ෂාව පිළිබඳ සබඳතා වැඩිදියුණු කිරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ අන් ජාතිකයන්ගේ නියෝජනය වැඩි කිරීම වැනි කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් වූහ.
තවද මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීමට දැනට පවතින පොලිස් යාන්ත්‍රණය නවීකරණය කිරීම හා 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම හා දෙරටට බලපාන සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු බොහොමයක් මෙහි දී සාකච්ඡා කෙරිණි.