පොලිස් විශේෂ කාර්ය බලකාය
සංවිධානාත්මක අපරාධ මර්දන
ඒකකය 11හී නිලධාරි
කණ්ඩායමක් සමිත්පුර
කුඩුරොෂාන් යන අය සමග සමීප
සම්බන්ධතා පවත්වනු ලබන
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන
අයකු අයිස් මත්ද්‍රව්‍යග්‍රෑම් විසිපහක් හා උපයාගන්නා ලැබු මුදල් රුපියල් 174.500ක් සමග
අත්අඩංගුවට ගෙන තිබේ.
සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්
කණ්ඩායමක් අනවසරයෙන්
තුම්පලාමොටේ රක්ෂිතයට ඇතුළුවී
පළු දැව ඉරමින් සිටි පුද්ගලයින්
තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පරයනාලන්කූලම් කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර
නොමැතිව ට්‍රැකටර් රථයකින් වැලි
ප්‍රවහානය කළ අයකු අත්අඩංගුවට
ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ
නිලධාරී කණ්ඩායමක්
අනවසරයෙන් රජයේ කැලෑ
ප්‍රදේශයට ඇතුළුවී අක්කර එකක්
පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙලි
කරමින් සිටි පුද්ගලයකු
අත්අඩංගුවට ගෙනතිබේ. එමෙන්ම
මුලතිව් කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් තීරුබදු රහිතව
මෙරටට ගෙන්වන ලැබු
ගෝල්ඩ්ලීෆ් වර්ගයේ දුම්වැටි ළඟ
තබාගෙන සිටි පුද්ගලයකු
අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා
බුද්ධි අංශයෙන් ලැබු තොරතුරකට
අනුව විශේෂ කාර්ය බලකාය
මන්නාරම කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් පසුගිය යුධ සමයේදී
එල්.ටී.ටී.ඊ. සංවිධානය අතහැර
දමායන ලැබු යැයි සැක සහිත මී.මී.
60 ප්‍රමාණයේ මෝටර් උණ්ඩ
05ක් සැකකරුවෙකු රහිතව
අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
බලපත්‍ර රහිතව ජේසිබි යන්ත්‍රයක්
ආධාරයෙන් පස් කැණීම් කරමින්
සිටි අයකු අත්අඩංගුවට ගෙන
තිබේ.
මේ අතර බුත්තල කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර
රහිතව ටිපර් රථයකින් පස්
ප්‍රවහනය කරමින් සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල
කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව ටිපර් රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අනවසරයෙන් රජයේ රක්ෂිතයට ඇතුළු වී අක්කර 3/4ක පමණ භූමි ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙනතිබේ. විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ 1 නිලධාරී කණ්ඩායමක් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු Manchesterවර්ගයේ දුම්වැටි 5,600ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු හා ෆයිබර් බෝට්ටුවකට වැලි පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව දම්වැල් කියතක් උපයෝගී කර ගනිමින් බුරුත දැව ඉරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි ලෙස සකස් කරන ලැබු දුම්කොළ කුඩු(පාසැල් ළමුන් වැඩි වශයෙන් භාවිතා කරන තුල් සෑදීමට යොදාගන්නා) ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව ජංගම ඉරුම් බංකු දෙකක් ආධාරයෙන් තේක්ක දැව ඉරමින් සිටි අයකු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කොක්මාදූව උප කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව වල්ලපට්ටා නිස්සාරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.