25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් ආයතනයත් රොටරි සමාජයේ දායකත්වයෙන් නැඟෙනහිර පළාත හා...

ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් ආයතනයත් රොටරි සමාජයේ දායකත්වයෙන් නැඟෙනහිර පළාත හා වතුකර ජනතාව කොවිඩ් 19 වෛරසය පිළිබඳ දැනුවත් කිරීම හා එම වෛරසයෙන් ආරක්ෂා වීමේ වැඩසටහනක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් ආයතනයත් රොටරි සමාජයේ දායකත්වයෙන් නැඟෙනහිර පළාත හා වතුකර ජනතාව කොවිඩ් 19 වෛරසය පිළිබධව දැනුවත් කිරීම හා එම වෛරසයෙන් ආරක්ෂා වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම  (11) පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

එහිදී අදාල ප්‍රදේශයන් හී ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය අත් පත්‍රිකා, පෝස්ටර් හා විදයුත් දැන්විම් එළි දැක්වීම ගරු පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණේය.

ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය හා රොටරි සමාජය ඒකාබද්ධව නැගෙනහිර හා වතුකර ප්‍රදේශයන් හී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කරනු ලැබේ. මෙම මාධ්‍ය හමුව සදහා අමාත්‍යංශයේ ‍ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත අල්කා සිං මහත්මිය, යුනිසෙෆ් ආයතනයේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූ මහතා, අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් සෙන්දිල් තොන්ඩමන් මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සුසී පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මෙම උත්සවය සඳහා සහබාගි වූහ.      

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments