22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යෑම අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යෑම අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට ඉකුකත් මාර්තු 23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව සකස් කරන ලද මුලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමේ කමිටුවේ දී තවදුරටත් සාකච්ඡා කර තිබේ.

එම කමිටුවේ තීරණය පරිදි වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments