28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPරාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක වැටුප් රුපියල් දසදහසකින් නංවන්න....

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක වැටුප් රුපියල් දසදහසකින් නංවන්න. ලංකා ජනතා පක්ෂය

2022 වර්ෂය සඳහා යෝජිත අයවැය සඳහා රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික වැටුප රුපියල් දසදහසකින් වැඩිකරන ලෙසත් ණය බරෙන් නිදහස් කිරීම සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් 2%ක වාර්ෂික පොළි අනුපාතය යටතේ ණයක් ලබාදීමට පියවර ගන්නා මෙන් ලංකා ජනතා පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දක්වන එම පක්ෂයේ මහා ලෙකම් අජිත් ජයසුන්දර මහතා වර්තමානය වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉතා අධික ලෙස ඉහල ගොස් ඇත. විශේෂයෙන් සහල්මිල, කිරිපිටි මිල, සීනි මිල, ගෘහස්ත ගෑස් මිල හා බෙහෙත් මිල අධික ලෙස ඉහල ගොස් ඇති හේතුවෙන් රටතුල උද්ධමන වේගය 7%කට වඩා ඉහල ගොස් ඇත. එම හේතුය නිසාම රජයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ටත් පෞද්ගලික අංශයේ සේවකයින්ටත් තම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට නොහැකිව ඉතා අසරණ තත්ත්වයකට පත්වී ඇත. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට මේ රජයට 2021 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ අයවැයෙන්ද නොහැකිවු නිසාම මෙම ගැටලුව තීව්‍රවී ඇත. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යෑමට සාපෙක්ෂව වැටුප් වැඩි නොවිම හේතුවෙන් රාජයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ටත් පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවත් වීමටි අපහසු තත්ත්වයත් ඇතිවි තිබෙන බැවින් මාසික වැටුප රුපියල් දසදහසකින් අයවැය තුලින් රජය වැඩිකළ යුතු බව අපේ පක්ෂය අවධාරණය කරමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments