21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධිව මෙරටට දුම්වැටි ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් එස්.ටී.එෆ්. සොයා ගනී.

නීතිවිරෝධිව මෙරටට දුම්වැටි ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් එස්.ටී.එෆ්. සොයා ගනී.

කෝටි දෙකකට ආසන්න

වටිනාකමකින් යුත් දුම්වැටි

264200 තොගයක් සමග

සැකකරුවෝ දෙදනකු විශේෂ

කාර්ය බලකායේ අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

සෘජු අධීක්ෂණය යටතේ විශේෂ

කාර්ය බලකාය සංවිධානාත්මක

අපරාධ මර්දන ඒකකය II හි

ස්ථානාධිපති පොලිස් පරික්ෂක

සී.ආර්. පාරමුල්ලගේ මහතාගේ

උපදෙස් අනුව උප ස්ථානාධිපති

පො.ප. පී.ඩබ්.ඒ.ජේ.පී.කේ.

වන්නිආරච්චි ඇතුළු නිලධාරී

කණ්ඩායමක් (11) කැළණිය

පොලිස් වසමේ ගෝනවල,

කොහොල්විල මාර්ගයේ දී නීති

විරෝධී ලෙස මෙරටට ආනයනය

කරනු ලැබු GOLD MOUNT

වර්ගයේ දුම්වැටි 6800 ක් සමග

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි

වයස අවු. 21 ක පුද්ගලයෙකු

අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුගෙන් අනාවරණය

කරගත් තොරතුරු අනුව කැලණිය,

ගෝනවල, කොහොල්විල

මාර්ගයේ තව නිවසක් සෝදිසි

කිරීමකට ලක් කර නීති විරෝධී

ලෙස මෙරටට ආනයනය කරන

ලැබු PLATINUM වර්ගයේ

දුම්වැටි 219000 ක් හා

MANCHESTER වර්ගයේ

දුම්වැටි 38400 ක් සමග එම

නිවසේ පදිංචි වයස අවු. 48 ක

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන

තිබේ.
ඒ අනුව රුපියල් කෝටි 02

කට ආසන්න වටිනාකමකින් යුත්

රජයේ අවවාදය සටහන් කර

නොමැති නීති විරෝධී දුම්වැටි

264200 ක් සමග සැකකරුවන්

දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු

සඳහා කැලණිය පොලිස් ස්ථානය

වෙත භාර දී තිබේ.
මේ අතර විශේෂ කාර්ය බලකාය

අලුත්ගම කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් අලුත්ගම පොලිස්

වසමේ හෙරොයින් මිලිග්‍රෑම්

690ක් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ

කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ

නිලධාරී කණ්ඩායමක් කුරුඳුවත්ත

පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම්

තිහක් ළඟ තබාගෙන සිටි

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

ඇත. නුවරඑළිය කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් වලපනේ පොලිස්

වසමේ බලපත්‍ර කොන්දේසී

උල්ලංඝනය කරමින් වැඩිමුදලට

රජයේ අනුමත අරක්කු 750මි.ලි.වු

බෝතල් එකක් හා 625මි.ලිවු

බෝතල් එකක් වයින් සුරා සැලේදී

විකුණන ලැබු අයකු අත්අඩංගුවට

ගෙන ඇත. කෑගල්ල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් දේවාලේගම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් හා නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැලිවේරිය පොලිස් වසමේ SG QV-7615 දරණ ව්‍යාජ අංක තහඩු සවිකර තිබු ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වාකරේ පොලිස් වසමේ බලපත්‍ර රහිතව අක්කර දහයක් පමණ කැලය එළිකරමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු හා දේපොල අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල කඳවුරේ නිලධාරී පානම පොලිස් වසමේ වැටලීම් තුනක් සිදුකර බලපත්‍ර රහිතව ස්ථානයකින් වැලි පටවමින් සිටි පුද්ගලයින් තිදෙනකු වැලි පුරවන ලැබු ට්‍රැක්ටර් රථ දෙකක් හා ජේ.සි.බි. යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කරදියාරු පොලිස් වසමේ වැටලීම් හයක් සිදුකර බලපත්‍ර රහිතව මුන්දෙනි ආර ඇළ තුලට ට්‍රැක්ටර් රථ බස්සවා ඇළ ඉවුරට හානිවනසේ වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයින් පස්දෙනකු ට්‍රැක්ටර් රථ හයක් අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම කඳවුරේ නිලධාරී කණ්ඩයමක් අඩම්පන් පොලිස් වසමේ බලපත්‍ර රහිතව ස්ථානයකින් වැලි කැණීම් කර ටිපර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලි කඩ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බන්ධනාගාර සංකීර්ණයේ රැඳවියෝ සෝදිසි කරන ස්ථානයේදී රැඳවියකු පරීක්ෂා කිරීමේදි කලිසම් සාක්කුවේ තිබි සම්පත් එකක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments