29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණයේ නීතිවිරෝධි මත්පැන් තිප්පොළක් සමග වැලි, පස් ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මහා පරිමාණයේ නීතිවිරෝධි මත්පැන් තිප්පොළක් සමග වැලි, පස් ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අනවසර මත්පැන් තිප්පොළක්

විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ

අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

සෘජු අධීක්ෂණය යටතේ විශේෂ

කාර්ය බලකාය සංවිධානාත්මක

අපරාධ මර්ධන ඒකකය 1හි

නිලධාරීන්ට ලද තොරතුරකට අනුව

ස්ථානාධිපති පොලිස් පරික්ෂක

පි.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක

ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්

(13) මිනුවන්ගොඩ පොලිස්

වසමේ අංක 228, බුරුලපිටිය,

මිනුවන්ගොඩ ලිපිනයේ දී

වැටලීමක් සිදුකර ඇත. නීති

විරෝධී මත්පැන් ළඟ තබාගෙන

සිටි වයස අවුරුදු 27ක් වන

පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි

පුද්ගලයකු සහ මත්පැන්

නිෂ්පාදනය කිරීම සදහා අනුබල

දුන් අවුරුදු 38ක් වන

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා

මිනුවන්ගොඩ පොලිස් ස්ථානය

වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්

ධම්මාලෝක ගම මාවත,

පොල්වත්ත සහ වැල්හේන පාර,

මානම්මන, මිනුවන්ගොඩ

ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර

නීති විරෝධී මත්පැන් බෝතල්

333, තඹ දඟර

02 යි,ගෑස් සිලින්ඩර් 01 ක්, යකඩ

බැරල් 04ක්වේ.

මේ අතර විශේෂ කාර්ය බලකාය

වාලච්චේන කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් වාලච්චේන පොලිස්

වසමේ එරික්කිලාන්කාඩු

ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව

වැලිකැණීම් කර පටවමින් සිටි

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

තිබේ. මෙම ප්‍රදේශයේ තවත්

බලපත්‍ර රහිතව කැණීම් කරමින්

වැලිපටවමින් සිටි පුද්ගලයින් අට

දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ඇහැලියගොඩ පොලිස් වසමේ ම්න්නාන, නාගහවත්ත ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදන කිරීම හා ඒවා නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය 1හී නිලධාරි කණ්ඩායමක් නවගමුව පොලිස් වසමේ එල්මන් පීරිස් මාවත, දැඩිගමුව ලිපිනයේදී හඳුනා නොගත් මත්පෙති සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අම්බලන්තොට පොලිස් වසමේ රීදිගම, ගඟේයාය රක්ෂිත ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ජෙ.සි.බි. යන්ත්‍රයක් මගින් පස් කැණීම් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට පොලිස් වසමේ රිදීගම, ගඟේයාය රක්ෂිත ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ටිපර් රථයකට පස් පුරවා ප්‍රවහනය සිදුකළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පුත්තලම පොලිස් වසමේ 05 කණුව, මී ඔය, ජල පොම්පාගාරය අසලදී බලපත්‍ර රහිතව නීති විරෝධි ඔය රක්ෂිතයට කැන්ටර් රථයක් ඇතුළු කර වැලි කැණීම්කර පටවමින් අයකු එම කැන්ටර් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කුඩාඔය පොලිස් වසමේ තෙළුල්ල,07 මංකඩ ප්‍රදේශයේදී බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වාකරේ පොලිස් වසමේ මදුරන්කෙනිකුලම් ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි පටවමින් සිටි අයකු හා දේපොලන අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රදේශයේදී සිදුවු තවත් වැටලීම්වලදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් වැලිපටවමින් සිටි තවත් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

වෙල්ලාවලි පොලිස් වසමේ කළුමුන්දන්වේලී ඉච්චයඩි පල්ලම් වෙල් යායකදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් පස් පටවමින් සිටි අයකු එම ටිපර් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මේ ප්‍රදේශයේ සිදුවු තවත් වැටලීමකදී පුද්ගලයකු හා ලෝඩර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. මුරුන්කන් පොලිස්වසමේ කේකේකුලමි ප්‍රදේශයේදී වලංගු බලපත්‍ර රහිතව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවහනය කළ අයකු එම ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක පොලිස් වසමේ කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිටදී ආනයනයතතහනම්කර ඇති කහ ඉන්දියාවේ සිට තීරුබදු රහිතව රැගෙන ඒමේ වරදට පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය මූලස්ථානය විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් තලංගම පොලිස් වසමේ කඩුවෙල පාර , බත්තරමුල්ල, ලිපිනයේදී තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි ළඟ තබාගෙන සිටිඅයකු අත්අඩංගුවට ගෙන ඇත. හපුතලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බණ්ඩාරවෙල පොලිස් වසමේ පූනාගල පාර, ගල්වල හංදිය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මඩු පොලිස් වසමේ ඉරනඉලුප්පූකූලම් රක්ෂිතයේ පන්ඩිපිරිච්චාන් ප්‍රදේශයේදී රක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවහනය සඳහා සූදානම් කර තිබු විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments