සීනි ගෙන්වීමේදි තිබුණු බලපත්‍ර ක්‍රමය නොමැතිවීමත් සමග සීනි මෙරටට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ආනයනය කිරීම සිදුවන බව සීනි ආනයනයකරුවන්ගේ සංගමයේ උපසභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා ‘දිනමිණ’ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ සීනි මේවනවිට මෙට්‍රික් ටොන් එකොළොස් දහසක් හිරවි තිබෙන්නේ ආනායනකරුවන් කිහිප දෙනකු සතොස මගින් සීනි ලබාදෙන්න ඇති කරගත් ගිවිසුමක් නිසා බව කීවේය. එසේ ගෙන්වා වරායේ තිබෙන සීනි වලට ලබන දෙසැම්බර් හා ජනවාරි මාස වනවිට මුදල් ගෙවිය යුතු අතර ඒ වනවිට ඩොලරයේ අගය කීයක් වෙයිද දන්නේ නැතිබව පැවසීය. සීනි මෙසේ වරාය සිරවීම නිසා කිලෝ එකකට රුපියල් තිස්පහක් හතළියක් වැඩිපුර ගෙවීමටද සිදුවිද ගැටලුවක් බවද ඒ මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් මේ සීනිවල මිලෙහි ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට පියවර ගනිමින් සිටින බව කීය.