22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සියලු කැපකීරීම් කර අද දින පාසලට පැමිණි ගුරුමැණිවරුන්ට,...

දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සියලු කැපකීරීම් කර අද දින පාසලට පැමිණි ගුරුමැණිවරුන්ට, විදුහල්පතිවරුන්ට හදවතින්ම ස්තූතිය පුද කරන අතර අයවැයෙන් ලබන වසර තුළ ගමට ගෙනියන වැඩපිළිවෙලක් .

අද රටේ පවතින තත්වයන් තුළ දීර්ඝ කාලයක් පාසැල් වැසි තිබුණ අතර නැවතත් දූදරුවන්ට පාසල් කරා පිය මැනිමට අද දින හැකියාව ලැබි ඇත. එසේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සියලු කැපකීරීම් කර අද දින පාසලට පැමිණි ගුරුමැණිවරුන්ට පියවරුන්ට සහ විදුහල්පතිවරුන්ට හදවතින්ම ස්තූතිය පුද කර සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

2022 අයවැය තුළින් විශාල මුදල් සම්භාරයක් වෙන්කර ගමට ගෙනියන වැඩපිළිවෙළක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා සැලසුම් කර තිබේ. ඒ අනුව ග්රා්මීය ආර්ථික නගා සිටුවමින් විශාල වැඩකොටසක් ආණ්ඩුව විසින් ලබන වසර තුළ සූදානම් කර ඇති බවත් ශ්රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි රාජ්යක අමාත්ය2සනත් නිශාන්ත මහතා අදහස් දක්වමින් මෙසේද කීය…………..දීර්ඝ කාලයක් කොවිඩ් වසංගතය නිසා දූදරුවන් පාසල් නොයා සිට නැවතත් දරුවන් අද පාසල් යන දවසයි. රජයේ තීරණයත් සමඟ අද දින දරුවන් 200 ට අඩු පාසැල් විවෘත කරලා තිබෙනවා. උදාහරණයක් ලෙස හලාවත අධ්යායපන කලාපයේ වෙන්නප්පුව අධ්යා පන කොට්ඨාශයේ දරුවන් 200 අඩු පාසැල් 11ක් තිබෙනවා. එයින් 10 ක් අද මේ වෙද්දි ගුරුවරුන් විදුහල්පතිවරු, දරුවෝ සියල්ල ඇවිත් වැඩ ආරම්භ කරලා තිබෙනවා. මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සියලු කැපකීරීම් කරලා අද පාසලට එන්න තීරණය කර ගුරුමැණිවරුන්ට, විදුහල්පතිවරුන්ට ඒ වගේම පාසැල්වලට යවපු දරුවන්ගේ දෙමාපියන්ට ද අපි හදවතින්ම ස්තූතිය පුද කරනවා.

අපි රජයක් හැටියට ලෝකයේ මේ වසංගතය මැඩපවත්වා ගත්ත, සාර්ථකව මුහුණ දුන්නු පළමු රටවල් 10 අතරින් 05 වන ස්ථානයට අද අපේ රට ඇවිත් තිබෙනවා. එයට ප්ර ධාන හේතුව තමයි වැක්සින්කරණය. ඒ සඳහා අපි දැවැන්ත මුදල් ප්රේමාණයක් වියදම් කරලා තිබෙනවා. ඒ නිසා මේ වෙද්දි රට සියල්ලම පාහේ ඇරලා තිබෙනවා. ඒ වගේම කොවිඩ් 19 නිසා රටේ සංවර්ධනය ද නතර කරේ නෑ. මාර්ග කිලෝමිටර් ලක්ෂය වැඩසටහන අද මේ වෙද්දි සිදුකරගෙන යනවා.
එසේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත පානීය ජලය සැමට ලබාදීමේ ඉලක්කයක් මේ වෙද්දි ක්රිධයාත්මක වෙනවා. මේ සඳහා විශාල මුදලක් පසුගිය අයවැයෙන් වෙන් කරනු ලැබුවා. අතිගරු ජනාධිපතිතුමා රට භාරගද්දි අපේ රටේ පානීය ජලය ලබා තිබුණේ සමස්ථ ජනගහනයෙන් 53.7% ට. 46.3% ට පානීය ජලය ලබාදිය යුතුව තිබෙනවා.

එහිදි පාර්ලිමේන්තු මන්ත්රිම කේ.පී.එස්. කුමාරසිරි මහතා අදහස් දක්වමින්,
“අද ඉතාමත් වැදගත් දවසක් වෙනවා. දින 100ක තිබුණු ගුරු අරගලය අද දවසේ රජයක් හැටියට අපිට නිමා කරන්න පුළුවන්කමක් ලැබුණා. දරුවන් 200 ට අඩු ප්ර මාණයක තිබෙන පාසැල් අද විවෘත කරන්න අපි පුළුවන්කමක් ලැබුණා. විශේෂයෙන් අපි ස්තූතිවන්ත වෙන්න ඕන මේ සඳහා දායකත්වය ලබාදුන්න විදුහල්පතිවරුට, ගුරු මැණිවරුන්ට ගුරු පියවරුන්ට. ඔබගේ ඉල්ලීම සාධාරණයි කියලා අපි ආණ්ඩුවක් හැටියට අපි විශ්වාස කරනවා . හැබැයි මේ ඉල්ලීම මේ මොහොතේ අපිට ඉෂ්ඨ කරන්න බෑ. නමුත් ආණ්ඩුවක් හැටියට අපි මේ සාධාරණය ඉෂ්ට කරනවා කියලා අතිගරු ජනධාපතිතුමා, අග්‍රාමාත මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරු අවස්ථා ගණනාවකදි සාකච්ඡා කළා. මෙවර අයවැයෙන් සාධාරණ තීන්දුවක් ගත් අවස්ථාවේදි ස්ටාලීන්ලා, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ සියලු දෙනා ආණ්ඩුව වට්ටන්නයි කටයුතු කරන්නේ. අපි මොවුන්ට කියනවා නින්දිත , කැත වැඩ කරන්න එපා කියලා. දැන් මේ වෙනකොට අනුරාධපුර කලාපයේ විලච්චිය කොට්ඨාශයේ 200 ට අඩු සියලු පාසල් විවෘත කරලා ගුරුවරුන්, උපාධිදාරීන් කටයුතු කරගෙන යනවා. ඔබ වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනා පෙනි සිටිනවා. ජනවාරි මාසයේ අයවැයෙන් ඔබගේ දීමනා දෙන්න කටයුතු කරනවා.
මහින්දානන්ද ඇමතිතුමා පෙරේදා දවසේ අපේ කෘෂිකර්මාන්තයේ ජිවත්වන ගොවියන් සඳහා ඔහු කරන්න පුළුවන් සියලු කාර්යභාර්යය සිදුකළා. අනුරාධපුර දිස්ත්රිහක්කයේ ගොඩ වී වගාව සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවලට කාබනික ජල පොහෝර සහ නයිට්රි ජන් දිය පොහොර 25 වෙනිදා වන විට කෘෂිකර්මාන්තය සඳහා ඒ අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments