28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeTOPනාවික හමුදාපති අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය...

නාවික හමුදාපති අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම.

අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න (21) සහභාගී විය.

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන්  අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර,  අවසන් අධියරේ පවතින එහි ඉදිකිරීම් නාවික හමුදාධිපති ( 21) මෙලෙස නිරීක්‍ෂණය කළේය. ඒ අනුව, නාවික හමුදාව විසින් සඳහිරු සෑ පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම් දොරටු, රථවාහන අංගන සහ පිවිසුම් මාවත් ආවරණය වන පරිදි සිදු කරනු ලබන විදුලි අලෝක පද්ධතිය ස්ථාපනය කිරීමේ කටයුතු සහ භූමි අලංකරණ කටයුතු නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, එම කාර්යයන් උසස් නිමාවකින් යුතුව සහ කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments