22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට...

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 20 වන දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ.

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටියදී, 2021 ඔක්තෝබර් මස 18 වන දින සිදු වූ අනතුර හේතුවෙන් අතුරුදහන්ව සිට පසුව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමෙහි නිරත වු කණ්ඩායම් මගින් සොයා ගන්නා ලද ඉන්දීය ධීවරයාගේ මෘත දේහය ඉන්දියානු බලධාරීන් වෙත භාරදීම අද උදෑසන (23) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අන්තර් ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම මෘත දේහය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදී. තවද, මෙම අනතුරින් ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් මුදවා ගන්නා ලද ඉන්දියානු ධීවරයන් දෙදෙනා සම්බන්ධ නීතිමය කටයුතු ගරු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය යටතේ තව දුරටත් සිදු වේ. 

මෙම සියළු කටයුතු පවත්තා කොවිඩ් 19 අවධානම් තත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments