22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPපොලොන්නරු ජනතාව මෙහි උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි.රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ

පොලොන්නරු ජනතාව මෙහි උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි.රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක්ව පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කඩිනමින් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී .

තමන්කඩුව සංවර්ධන කමිටු  රැස්වීම පසුගිය විසි එක් වනදා පැවති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී මෙසේද පැවසීය. පානීය ජල ප්‍රභවයන් විදිහට ආරක්ෂිත ළිං23543 පමණ තිබුණත් අනාරක්ෂිත ළිං5012ක් පමණ තිබෙනවා.දිස්ත්‍රික්කය පුරා නල ළිං  1535 ක් පමණ ඉදිකර තිබෙනවා.නල ජල මාර්ග මඟින් ජලය ලබා දී ඇති ප්‍රමාණය 33115ක්  පමණ වෙනවා. ඒ විතරක් නෙමෙයි වැසි ජල ටැංකි භාවිතා කරලා. තමන්ගේ ජල අවශ්‍යතාවය සපුරගන්න 1397 දෙනෙක් පමණ මෙහි ජීවත් වෙනවා. ඒ වගේම ඇලදොළ මගින් ජල පිහිලි මගින් වගේම ජල උල්පත්වලින් ජල අවශ්‍යතාව සපුරාගන්න 290 පමණ දෙනා මෙහි ජීවත් වෙනවා.

පායන කාලයට ජනතාවට විශාල ජල ගැටළුවකට මුහුණ පාන්න සිදු වෙනවා.ඒ නිසා මම මීට අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතා කඩිනමින් මෙම ජල ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන ලෙස.

ඒ වගේම කිසිදු අයිතිවාසිකමක් හෝ ලියවිල්ලක් නැතිව ඉඩම්වල ජීවත් වන පිරිස 1443 ක් පමණ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉඩම් නොමැති පුද්ගලයින් 600ක් පමණ මෙහි සිටිනවා. තව පිරිසක් අනවසර ඉඩම් අල්ලාගෙන ජීවත් වෙනවා. ඒ පිරිස් 1451 පමණ වෙනවා.

ඉඩම්වල සින්නක්කර අයිතිය තිබෙන්නේ 9869 දෙනකුට පමණයි කියන්න කණගාටුයි.අනිත් අයට තිබෙන්නේ දීමනාපත්‍ර. ඒ පිරිස 43897 වෙනවා.

ඒ වගේම එල්.ඩී.ඩී.බලපත්‍ර හිමිකරුවන් ගණන 22837ක්.නිදහස් දීමනා පත්‍ර හා දීර්ඝකාලීන බැඳුම්කර තිබෙන පිරිස 1678 පොලොන්නරු ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු වලින් එකක් තමයි. ඉඩම් ගැටලුව. ඒ නිසා ඔවුන්ට ගෙයක් දොරක් හදාගන්න ණය පහසුකමක් ලබාගන්න තමන්ගේ දුවට පුතාට දේපල පවරන්න පුළුවන් විදිහට ඔවුන්ට ඔප්පු ලබා දියයුතු වෙනවා.

ඒ සඳහා මහවැලි නිලධාරීන්ගෙන් සහ ඉඩම් දෙපාර්තමේන්තු නිලධාරීන් ගෙනුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන්ගෙන්  මා සහයෝගය ඉල්ලා සිටිනවා .

අතීත ශ්‍රී විභූතියට උරුමකම් කියන පොළොන්නරු ජනතාව මේ බිමේ නියම  උරුමක්කාරයෝ මිසක් ඔවුන් මෙහි කුලීකරුවෝ නෙවෙයි. යනුවෙන් ද, පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments