22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ...

කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ.

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් Type 23 Frigate පන්තියට අයත් ‘HMS KENT’ නෞකාව 2021 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව (24) එම නෞකාව දිවයිනෙන් පිටත්ව ගියේය.

සැපයුම් අවශ්‍යතා සඳහා (23)  කොළඹ වරායට සේන්දු වූ ‘HMS KENT’ නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කල අතර, එම නෞකාව දිගින් මීටර 133ක්  සහ නැව් මුළුව 219ක ගෙන් සමන්විත වේ.

එමෙන්ම, ‘HMS KENT’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් මැතිව් සයික්ස් (Commander Matthew Sykes) හා ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය  මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අතර හමුවක් 2021 ඔක්තෝබර් මස 23 වන දින බටහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවැත්වුනු අතර, එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඒ අනුව ‘HMS KENT’ නෞකාව 2021 ඔක්තෝබර් මස 24 වන දින කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සමඟ පැවැත් වූ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (PASSEX) අනතුරුව මෙලෙස දිවයිනෙන් පිටත්ව යන ලද අතර, මෙම නෞකාව හා සම්බන්ධ සියළු කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments