25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකේරළ ගංජා, තවත් නීතිවිරෝධි මත්පැන් ජාවාරමුන් හා කැලෑපාළුවන් අත්අඩංගුවට ගැනීමට...

කේරළ ගංජා, තවත් නීතිවිරෝධි මත්පැන් ජාවාරමුන් හා කැලෑපාළුවන් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්.සමත්වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය

පුලියන්කුලම කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම් 3,200ක් ළඟ

තබාගෙන සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්

පහයි මිලි ග්‍රෑම් හැත්තෑවක් ළඟ

තබාගෙන සිටි කාන්තාවක්

අත්අඩංගුවට ගෙන ඇත. කාර්ය

බලකාය විශේෂ වැටලීම් එකකය

(කොළඹ කලාපය)හී නිලධාරී

කණ්ඩායමක් කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම්විස්සක්

ප්‍රවහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ.එහිදි එම භාණ්ඩ ප්‍රවහනය කළ ලොරි රථය හා ජංගුම දුරකතන දෙකක් සොයාගෙන ඇත. රත්ගම

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

බලපත්‍ර රහිතව මෙරට නිෂ්පාදිත

ගිනි අවියක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන ඇත. කිලි

නොච්චිය කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් නීති විරෝධි

මත්පැන්(කසිප්පු) මහා

පරිමාණයෙන් නිෂ්පාදනය කරමින්

සිටි කසිප්පු කන්නා නමින්

හඳුන්වන අයකු අත්අඩංගුව ගෙන

ඇත. මෙම පුද්ගලයා පෙරියකූලම්

ධර්මපුරම් ප්‍රදේශයේ මහා

පරිමාණයෙන් නීති විරෝධි

මත්පැන් නිෂ්පාදනය කර ගෙන

ගොස් ඇත. මෙහිදි නීති විරෝධි මත්පැන් ස්ප්‍රීත්තු ලීටර් එකසිය විස්සක්, ගෝඩා ලීටර් එක්දහස් හයසිය දහයක්, දැවි ගෝඩා ලීටර් පන්සිය හතළියක්, තඹ දඟර පහක්, ප්ලාස්ටික බැරල් එකක් සොයාගෙන ඇත. සියඹලාණ්ඩුව කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් තහනම්

තංගුස් දැල් භාවිතා කරමින් මසුන්

මරමින් සිටි දෙදනකු අත්අඩංගුවට

ගෙන තිබේ. වාකරේ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් අක්කර

හතරක් පමණ රජයේ කැලෑබද

ප්‍රදේශයක් ජේසිබි යන්ත්‍රයක්

ආධාරයෙන් එළිපෙහෙලි කරමින්

සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන

ඇත. අරන්තලාව කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් මහඔය තුල බලපත්‍ර

රහිතව වැලි කැණීම් කර ට්‍රැක්ටර්

රථයකට පටවිමන් සිටි දෙදනකු

අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ

කාර්ය බලකාය විශේෂ මෙහෙයුම්

1හී නිලධාරීන් කණ්ඩායමක්

මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ

පහක් හා එම මැගසීනයක් ළඟ

තබාගෙන සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් අනවසරයෙන්

අක්කර දෙකක් පමණ රජයේ

කැලෑබද ප්‍රදේශයක් ඉදිරිපස කුල්ල

සහිත ට්‍රැක්ටර් රථයක් අධාරයෙන්

එළි පෙහෙලි කරමින් සිටි

පුද්ගලයෝ දෙදෙනකු අත්අඩංගුවට

ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments