22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දුම්රිය දොපර්තමේන්තුව මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම ලාභදායී ආයතනයක් බවට පත්...

දුම්රිය දොපර්තමේන්තුව මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම ලාභදායී ආයතනයක් බවට පත් කර ගැනීම අරමුණයි. ඇමතිණි පවිත්‍රා

දුම්රිය දොපර්තමේන්තුව මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම ලාභදායී ආයතනයක් බවට පත් කර ගැනීම තමයි වත්මන් රජයේ අරමුණ. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන මානව සම්පත් සහ භෞතික සම්පත් අති විශාලයි. අප කල යුත්තේ මේ සියළු සම්පත් ඒ්කරාශි කරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව ලාභදායී ආයතනයන් බවට පත් කර ගැනීමයි. ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චචි මහත්මිය මෙම කරුණු සඳහන් කලේ 23 දින ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ එක්දින වැඩමුළුවකදී ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ සහ මධ්‍යම ශ්‍රේණිවල නිළධාරින් 45 දෙනෙකු මෙම එක්දින වැඩමුළුවට සහභාගී වු අතර, වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසර වන විට ආකර්ශණීය සහ ලාභදායී දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමයි. මෙහිදි තවදුරටත් කරුණු දැක් වු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය : ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම වැඩපිළිවෙල තුල ද දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරි දශකය සඳහා නවීන තාක්ෂණයෙන් යුතු දුම්රිය සේවාවක් ශ්‍රි ලංකා තුළ ස්ථාපිත කිරීම පිළිබඳව සඳහන් කොට තිබෙනවා. ඒ් අනුව මේ සඳහා ව්‍යාපෘතියක් සකස් කරන ලෙස මා ලිඛිතව අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නා. මේවනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිළධාරින් එක්වී නව ප්‍රවනතාවයකින් යුතුව කටයුතු කරනවා.

මෙම ආදායම් තත්වය ඉහල නැංවීම පිළිබදව සැලසුම් සකස් කිරිමේදි ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

එනම් කාර්යක්ෂම හා ආකර්ෂණීය සේවාවක් ලබාදීම තුළින් ජනතාව වැඩි වශයෙන් දුම්රිය පරිහරණයට පෙළඹවීම,භාණ්ඩ ප්‍රවාහනය 60% කින් වැඩි කිරිම,දෙපාර්තමේන්තුව සතු වාණිජමය වටිනාකමකින් යුතු ඉඩම් සහ දේපල වලින් දැනට ලැබෙන ආදායම් 60%කින් වැඩි කිරිම,දුම්රිය සේවාව පුළුල් කිරීමෙන් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම.

මෙම එක්දින වැඩමුළුවෙන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ප්‍රවාහ අමාත්‍යාංශයේ නිළධාරීන් විසින් මෙම වැඩපිළිවෙල සම්බන්ධව නව යෝජනාවලියක් සහ නිර්දේශ පත්‍රිකාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාර දී ඇත. ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව මෙහෙයවීම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා සිදු කළේය. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments