24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOP2021 ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනයේදී සියල්ල ඇතුළත් නාමලේඛනයක් සකස් කරමු. පැෆරල්

2021 ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනයේදී සියල්ල ඇතුළත් නාමලේඛනයක් සකස් කරමු. පැෆරල්

මෙවර ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී සුදුසුකම් ඇති සියලුදෙනා ඇතුළත් ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීමට සහයෝගය දක්වමු යැයි පැෆරල් සංවිධානය සියලුඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි

ඒ අනුව පවතින COVID 19 වසංගත තත්වය හේතුවෙන් 2021 වර්ෂයට අදාල ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට බෙදාදීම සිදු නොකරයි,
නමුත් ඔබගේ නම 2020 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් එම ලිපිනය යටතේ 2021 වර්ෂය සඳහාද ලියාපදිංචි කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ සඳහා කිසිදු ආකෘතියක් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. තවද 2021 ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනයේදී ඉවත් වන නම් සහ අළුතින් ඇතුළත් වන නම් සඳහන් ලේඛන ඉකුත් ( 21) සිට 2021 ලබන මස (17) දක්වා සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයකම ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබේ.
ඔබට අදාල ග්‍රාම නිලධාරී කාර්යාලයට ගොස් ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ඔබ සහ ඔබගේ පවුලේ අයවලුන් නිර්දේශ වී ඇත්දැයි සොයා බලන්න. එමෙන්ම www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද මෙම තොරතුරු පරීක්ෂා කර බැලිය හැකිය.
ඔබගේ නම හෝ පවුලේ අයෙකුගේ නම් නිර්දේශ වී නොමැති නම් ඒ සඳහා හිමිකම් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හෝ ඇතුළත්ව ඇති නමක් පිළිබඳ විරෝධතා ඇත්නම් ඒ සඳහා ද විරෝධතා ඉදිරිපත් කිරීමටද හැකියාව පවති.
මෙම හිමිකම් හා විරෝධතා ආකෘති ඔබගේ ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබාගත හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියෙන්ද බාගත කළ හැක.
එසේම මෙතෙක් ඔබ ලියාපදිංචි වී නොමැති නම් www.elections.gov.lk වෙබ් අඩවිය හරහාද ලියාපදිංචි වීම සඳහා ලබන මස (17) දින හෝ ඊට පෙර මාර්ගගතව ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු පරමාධිපත්‍ය බලය සැබෑ ලෙසම ක්‍රියාත්මක කල හැක්කේ ඡන්ද බලය හරහා වන බැවින් ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත්ව තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව පැෆ්රල් සංවිධානය අවධාරණය කර සිටී.

ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීම හා ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමකි. කරුණාකර මේ පිළිබඳව ඔබගේ පවුලේ සාමාජිකයින්, අසල්වාසීන්, වෘත්තීය සගයන් දැනුවත් කරන්න. මේ පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් පැෆ්රල් ප්‍රධාන කාර්යාලයේ ඔබට උදව් කිරීම වෙනුවෙන් ස්ථාපිත කොට ඇති පහසුකාරක මධ්‍යස්ථානය අමතන්න.
සිංහල මාධ්‍ය – 011 2558574/077 1909847
ෆැක්ස් – 011 2558572

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments