21.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedකේරළ ගංජා හා තවත් ජාවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

කේරළ ගංජා හා තවත් ජාවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

රුපියල් තුන්ලක්ෂයකට වැඩි

වටිනාකමකින් යුතු කේරළ ගංජා

විකිණීම සදහා ළඟ තබාගෙන සිටි

පුද්ගලයකු විශේෂ කාර්ය බලකා

නිලධාරීන් අත්අඩංගුවට ගෙන

තිබේ.

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකයි,

ග්‍රෑමි එකසිය පහළොවයි. ඒවා කිරා

මැන බැලීම සඳහා යොදාගනු

ලබන විද්යුත් තරාදිඑකක්, ජංගම

දුරකථන එකක්
එහිදි සොයාගෙන

ඇත.

විශේෂ කාර්ය බලකායේ අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස් පති

නීතිඥ වරුණ ජයසුන්දර

මහතාගේ අධීක්ෂණය යට⁣තේ

විශේෂ කාර්ය බලකාය බුද්ධි

කොට්ඨාශයේ නිලධාරීන්ට ලබුණු

තොරතුරකට අනුව පොලිස්

පරික්ෂක ආර්.එම්.ඒ.පී.බී.

රාජනායක ඇතුළු නිලධාරී

කණ්ඩායමක් (26) අතුරුගිරිය

පොලිස් වසමේ අංක 289/4,

හබරකඩ, හෝමාගම යන ලිපිනය

පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක්

සිදුකොට කේරළ ගංජා ජාවාරම්

කිරීම සඳහා ළඟ තබාගෙන සිටි

නුගේගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු

49ක පුද්ගලයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන කටයුතු

සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය

වෙත භාර දී තිබේ.

මේ අතර විශේෂ කාර්ය බලකායේ

දෛනික වැටලිමේ වලදී එම

බලකායේ සංවිධානාත්මක අපරාධ

මර්දන ඒකකය 1හි නිලධාරී

කණ්ඩායමක් බෝර 12 උණ්ඩ

යෙදිය හැකි ෂොට්ගන් වර්ගයේ

ගිනි අවියක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා

ඇහැළියගොඩ පොලිස් ස්ථානය

වෙත භාරදී ඇත.මන්නාරම

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

නීති විරෝධිව මෙරට නිෂ්පාදනය

කළ වෙඩි බෙහෙත් කොටන ගිනි

අවියක් සැකකරුවකු නොමැතිව

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා

ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානයට

භාරදී තිබේ. සංවිධානාත්මක

අපරාධ මර්දන එකකය 11හි

නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි

ලෙස තීරුබදු රහිතව මෙරටට

ආනයනය කරන ලැබු රජයේ

අවවාදය සටහන් කර නැතිව

අලෙවිය සඳහා සූදානම් කර තිබු

දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

කඳාන පොලිස් ස්ථානය වෙත

භාරදී ඇත. හොරණ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් කේරළ

ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් කේරළ ගංජා

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ මෙහෙයුම් අංශ 1හී නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව මත්වීම සඳහා යොදාගන්නා මදක මෝදක හා හඳුනා නොගත් මත්පෙති ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනයට මෝදර පොලිසිය වෙත භාරදී තිබේ. එමෙන්ම විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කරල ලැබු රජයේ අවවාදය සටහන් කර නැති අලෙවිය සඳහා සූදානම් කර තිබු දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. මූලස්ථාන කඳවුරේ වැටලීම් අංශයේ නිලධාරී කණ්ඩායමක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.විශේෂ මෙහෙයුම් ඒකකයේ 11හි නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව රක්ෂිතයට ඇතුළුවි කැලය කපමින් සිටි අයකු අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශනය සඳහා සේනුවර බීට්ටු අඩවි වන කාර්යාලය වෙත භාරදී තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments