වාකරෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පැවතියේය.
මෙහිදී මෙම කර්මාන්ත වල යෙදෙන්නන් සමඟ පැවති සාකච්ඡාවල දී
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වට්ටවාන් සහ පනිචන්කේණි යන ප්‍රදේශයන්හි අක්කර 100 පමන ඉඩම් වල ඉස්සන් හා දැල්ලන් ප්‍රවර්ධන වැඩසටහනක් දැනටමත් කරගෙන යන බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශය සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුලු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්දන් මැතිතුමා පැවසීය. ඉස්සන් හා දැල්ලන් කර්මාන්තයේ සංවර්ධන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම කල යුතු බවත්
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාරි ප්‍රදේශය ආශ්‍රිත ප්‍රතිලාභීන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම මෙවැනි කර්මාන්ත දියුණු කිරීම තුලින් විදේශ රටවලට අපනයන කිරීම තුලින් හොද ආදායම් මාර්ග ලැබෙන බවත් රැකියා ප්‍රශ්න වලටද විසදුම් ලබා ගත හැකි බැව්ද මෙහෙදී වියාලේන්ද්‍රන් මහතා පැවසීය.
මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසන්තුරෙයි චන්ද්‍රකාන්තන් මහතාද මෙම අවස්ථාව සදහා සහභාගි විය.