පුරාවස්තු සොයා කැණීම් කළ
පුද්ගලයින් දෙදෙනකු විශේෂ
කාර්ය බලකායේ නිලධාරීන්
අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කන්තලේ
කඳවුරේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව කඳවුරු
අණදෙන නිලධාරි පොලිස්
පරීක්ෂක එම් එස් ඊබ්‍රහිම් ඇතුළු
නිලධාරීන් කණ්ඩායමක් (27)
සේරුනුවර පොලිස් වසමේ
මහවැලි රක්ෂිත ප්‍රදේශයේ දී
වැටලීමක් සිදුකර එහිදී
අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවී
පුරාවස්තු සොයා කැණීම්
සිදුකරමින් සිටි පුද්ගලයන්
දෙදෙනකු ස්කැනර් යන්ත්‍ර එකක්,
ජංගම දුරකතනයක් අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන සඳහා
සේරුනුවර පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත. අත්අඩංගුවට ගත්
සැකකරුවන් කන්තලේ හා
කොටියාකුඹුර යන ප්‍රදේශවල
පදිංචිකරුවන් වයස අවුරුදු හතළිස්
එකක් හා හතළිස් දෙකක් යන වයස්
වල අයවෙති.
මේ අතර ගෝනහේන කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි
මත්පැන් තිස්තුන්දහස් හත්සිය
පනහක් ළඟ තබාගෙන සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් තවත් වැටලීමක්
සිදුකොට මුල්ලෙරියාව පොලිස්
වසමේ වීදියබංඩාර මාවතේ පිහි
බැසිලා තේ සැකසුම්
කර්මාන්තශාලාව ආසන්නයේ
වැටලීමක් සිදුකර කේරල ගංජා ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. එහිදි කේරළ ගංජා ග්‍රෑම්
අටසිය දොළහක්, මුදල් රුපියල්
20,100.00ක් හා යතුරු පැදියක්ද
සොයාගෙන ඇත.
පූගොඩ කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් නීති විරෝධි මත්පැන්
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුයි
පර්චස් දහයක පමණ භූමි
ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින්
සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
අරලගංවිල කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් මාදුරු ඔය රක්ෂිතයට
අනවසරයෙන් ඇතුළුවි බලපත්‍ර
රහිතව මාදුරු ඔයේ වැලි කැණීම්
කර ට්‍රැක්ටර් රථවලට පටවමින් සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි වැලි කියුබ් 2.5ක්,ට්‍රැක්රථ
එකක්, ට්‍රේලර් රථ එකක්, යකඩ මිටි
සහිත සවලක්ද සොයාගෙන තිබේ.
එමෙන්ම අරලගංවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් වැලිකන්ද පොලිස් වසමේ වඩමුන, මාදුරු ඔය පාලම ආසන්න ප්‍රදේශයේ වැටලීමක් කොට මාදුරු ඔය රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී බලපත්‍ර රහිතව මාදුරු ඔයේ වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ
හා වැලිකඩ බන්ධනාගාරයේ
රැඳවියන් සෝදිසි කිරීමේදී විවිධ
ප්‍රමාණයේ දුම්කොළ කැබලි හයක්
සොයාගෙන තිබේ. එම සැකකරුවා
අත්අඩංගුවට ගෙන ඇත.