24 C
Sri Lanka
Sunday, June 29, 2025
HomeTOPදිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක්...

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි.

සෑම වසරකම නොවැම්බර් මාසය තුළ පැවැත්වෙන යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උපුල් පෙරේරා විසින්  (28) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට මෙම පොපි මල් සැමරුම ආරම්භ වී ඇත. ඒ අනුව, වර්තමානයේදී මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා මෙම පොපි මල් සැමරුම පවත්වනු ලබන අතර, පොපි මල් අලෙවියෙන් ලැබෙන අරමුදල් විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා වෙන් කරනු ලබයි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments