22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට ලබා දියහැකි සහන ලබා දෙන්න. -...

පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට ලබා දියහැකි සහන ලබා දෙන්න. – ප්‍රවාහන අමාත්‍යවරියගෙන් නිලධාරීන්ට උපදෙස්.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

අද(28) දින පෞද්ගලික බස් රථ හිමියන් සමඟ ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරිය නිලධාරීන්හට මෙම උපදෙස් ලබාදුන්නාය.

මෙහිදී පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරිය වෙත කරුණු දක්වමින් කියා සිටියේ,බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබාගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම,බලපත්‍ර රහිතව ආයතන සේවකයන් ප්‍රවාහනය කරන මුවාවෙන් මගී ප්‍රවාහනය කිරීම නැවැත්වීම,ලංගමය සඳහා අන්තර් පළාත් ධාවනයට අවසර දී ඇති බැවින් එම අවසර ලබාදීමේ ක්‍රමවේදය ඒ්කාබද්ධව සකස්කර පෞද්ගලික බස් ධාවනයටද අවස්ථාව ලබාදීම යන කරුණුයි.

මෙහිදී කරුණු දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස්රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එමෙන්ම අදාල ඉල්ලීම් තමා වෙත ලිඛිතව ලබාදෙන ලෙසත් මේ සඳහා උපරිම සහනයක් ලබාදීමට තමා කටයුතු කරන බවත් කිසි විටෙකත් පෞද්ගලික බස් කර්මාන්තයේ බිද වැටීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංහ ලේකම් මොන්ටි රණතුංග මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා, පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතවරුන් පිරිසක් ද පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments