29.1 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsඑල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් ඉතා සූක්ෂමව සඟවා තිබු හඳුනා නොගත් බෝම්බ තොගයක්, කැලෑපාළුවන් ඇතුළු...

එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් ඉතා සූක්ෂමව සඟවා තිබු හඳුනා නොගත් බෝම්බ තොගයක්, කැලෑපාළුවන් ඇතුළු ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

යුධසමයේ LTTE

ත්‍රස්තවාදීන් මතු ප්‍රයෝජනය සඳහා

ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන

ලැබු හදුනා නොගත් බොමිබ සහ

මෝටාර් උණ්ඩ විශේෂ කාර්ය

බලකායේ නිලධාරීන්ගේ

අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකායේ අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

වරුණ ජයසුන්දර මහතාගේ

අධීක්ෂණය යටතේ උතුරු පලාත්

භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ

පොලිස් අධිකාරි ඩි.ඩි.කේ

හෙට්ටිආරච්චි මහතාගේ

මෙහෙයවීමෙන්
විශේෂ කාර්ය

බලකාය මුලතිව් කඳවුරේ

නිලධාරීන්ට මුලතිව් නාවික හමුදා

කඳවුරේ බුද්ධි අංශ

නිලධාරීන්ගෙන් ලැබුණු

තොරතුරකට අනුව දෙවන කඳවුර

අණදෙන නිලධාරී පොලිස්

පරික්ෂක. ආර්.ඒ.පී.ටී. රණතුංග

ඇතුළු නිලධාරී කණ්ඩායමක්

(28) පුදිකුඩිඉරිප්පු පොලිස්

වසමේ උඩයාර්කට්ටු කැලෑ

ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර

එල්.ටී.ටී.ඊ. ත්‍ර‍ස්තවාදින් සඟවා තැබු

පුපුරණ ද්‍ර‍ව්‍ය තොගයක්

අත්අඩංගුවට ගෙන නිෂ්ක්‍රීය කර

විනාශ කිරීම සදහා අධිකරණ

නියෝගයක් ලබා ගන්නා තෙක්

පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානය

වෙත භාර දී ඇත.

මෙම පුපුරණ

ද්‍රව්‍ය වනුයේ
හදුනා නොගත්

බෝම්බ 21 ක්.
මි.මී. 60 මෝටර්

උණ්ඩ 01 ක්ය.

මේ අතර ගෝනහේන කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් මෝදර

පොලිස් වසමේ අංක 90/44

පන්සල පාර, මෝදර, කොළඹ 15

යන ස්ථානයේ කේරල ගංජා කිලෝ

එකයි ග්‍රෑම් හැටහතරක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. විශේෂ මෙහෙයුම්

ඒකකය 11හී නිලධාරී

කණ්ඩායමක් තොටළඟ පොලිස්

වසමේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී

කේරළ ගංජා ග්‍රෑම් පන්සීයක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් මඩු පොලිස්

වසමේ මඩු රක්ෂිතයේ

පන්ඩිවිරච්චාන් ප්‍රදේශයේ දි

අනවසරයෙන් කපා ප්‍රවහානය

සඳහා සූදානම් කර තිබු බුරුත දැව

කැබලි දොළහක් සමග අංක තහඩු

රහිත කැබ්රථයක් සොයාගෙන

ඇත. කැබිතිගොල්ලෑව පොලිස්

වසමේ කැලැපුලියන්කූලට

ප්‍රදේශයේ දී නීති විරෝධිව අයිස්

මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම්

හත්සීයක් ළඟ තබාගෙන ප්‍රවාහනය

කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට

ගෙන තිබේ. මුලතිව් කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් පුත්තලම

පොලිස් වසමේ පුත්තලම කඳවුර

ඉදිරිපිට අනුරාධපුර පුත්තලම

මාර්ගයේ සිදුකරන ලැබු ක්ෂණික

මාර්ග බාධාක රාජකාරියකදී නීති

විරෝදි කේරළ ගංජා ග්‍රෑම් අසුහතක්

ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කැබිතිගොල්ලෑව පොලිස් වසමේ වැද්දාකඩ රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී අක්කර හතරක පමණ ප්‍රදේශයක් එළි පෙහෙළි කර තිබු බිම් සකසමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිති ගොල්ලෑව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් කැබිතිගොල්ලෑව පොලිස් වසමේ වැද්දාකඩ රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී අක්කරයක පමණ ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කැබිතිගොල්ලැව පොලිස් වසමේ සිදුකළ තවත් වැටලීමකදී වැද්දාකඩ රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක පමණ ප්‍රදේශයක් එළි පෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම කැබිතිගොල්ලෑව පොලිස් වසමේ වැද්දාකඩ රක්ෂිතයේ සිදුකරමිත් තිබු තවත් කැලෑ පාළුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන එහිදි අක්කර පහකට අධික ප්‍රමාණයක් එළිකර තිබිණි. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් දඹගල්ල පොලිස් වසමේ ගංගොඩගම වටවනගම ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ජංගම ඉරුම්හලක දැව ඉරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මහනුවර පොලිස් වසමේ දෙඩම්ගොල්ල පාලම අසල වරාතැන්න හන්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී මහවැලි ගඟට හා එම ගංඉවුරු ප්‍රදේශයට හානිවන අයුරින් වැලි කැණීම් කිරීම හා බලපත්‍ර රහිතව වැලි තොටුපොළක් පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදි වැටලීමේදි වැලිගොඩ දමමින් සිටි පුද්ගලයින් පලාගොස් ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments