අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි
පොලිස් කොස්තාපල්වරයෙකු හා
කේරළ ගංජා තබාගෙන සිටි
පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා
නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි
කොට්ඨාශයේ නිලධාරීන්ට ලද
තොරතුරකට අනුව පොලිස්
පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී.
රාජනායක ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් විසින් (29)
වැලිකඩ පොලිස් වසමේ අංක
T/3, ජනාධිපති විද්‍යාල මාවත,
පොල්වත්ත, රාජගිරිය යන
ලිපිනයේ දී වැටලීමක් සිදුකර
කේරළ ගංජා ග්‍රෑම් 10, මිලි ග්‍රෑම්
600 ක් ළඟ තබාගෙන සිටි වයස
අවුරුදු 42 ක රාජගිරිය ප්‍රදේශයේ
පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට
ගෙන ඔහු සන්තකයේ තිබූ ජංගම
දුරකථනයේ සටහන්ව තිබූ
ඇමතුමක් පරීක්ෂා කිරීමේ දී හා
ප්‍රශ්ණ කිරීමේ දී සැකකරු
සිදුකරන ලැබු ප්‍රකාශයකට අනූව
සිදුකළ පරීක්ෂාවක දී වැලිකඩ
පොලිස් ස්ථානයට අනුයුක්තව
රාජකාරී කරනු ලබන
නිලධාරියෙකුගේ බවට කරුණු
අනාවරණය කර ගැනීමෙන්
අනතුරුව එම පොලිස්
කොස්තාපල්වරයාගේ රාජකාරී
ස්වභාවය සමිබන්ධව විමසීමි සිදු
කිරීමේ දී ඔහු 119 දරණ හදිසි
ඇමතුම් අංශයට අනුයුක්තව
රාජකාරී නියුතු නිලධාරියෙකු බවට
දන්වා සිටි අතර, එම අවස්ථාවේ දී
වහා ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය
බලකා බුද්ධි අංශයේ නිලධාරීන්
පොලිස් කොස්තාපල්වරයා
රාජකාරී යෙදී සිටින අංක
645/A, නාවල පාර,
රාජගිරිය යන ස්ථානයට ගොස්
නිලධාරියා හදිසි සෝදිසියකට
ලක්කිරීමේදී ඔහු සමිපූර්ණ නිල
ඇදුමින් සැරසී රාජකාරි
රිවෝල්වරය සහ මිලි මීටර් 3.8
වර්ගයේ උණ්ඩ පහක් ද සමග
රාජකාරීයේ යෙදී සිටි අතර ඔහුගේ
සන්තකයේ ජාවාරම් කිරීම සඳහා
තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්
10, මිලි ග්‍රෑම් 540 ක , කේරළ
ගංජා ග්‍රෑම් දහයක් මිලි ග්‍රෑම්
හයසීයක්, ජංගම දුරකතන
දෙකක්,ජර්මනියේ නිෂ්පාදිත
රිවෝලවරයක්,මිලි මීටර් 3.8
වර්ගයේ ජීව උණ්ඩ පහක්, පොලිස්
නිල ඇඳුම් කට්ටල එකක් පිස්තෝල
රඳවනයක්ප අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
වැලිකඩ පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත.
මේ අතර විශේෂ මෙහෙයුම්
111හී නිලධාරීන්ට ලැබුණු
තොරතුරක් අනුව මොරටුමුල්ල
පොලිස් වසමේ කොෆි,ෂොප්
බුක්ෂොප්, සොයිසාපුර, මෝල්පේ ,
මොරටුව යන ස්ථානයේ වැටලිමක්
සිදුකර ව්‍යාජ ලෙස සකස් කර
විශේෂ කාර්ය බලකා
හැඳුනුම්පතක්,ව්‍යාජ ලිපි ලේඛන
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් නීති විරෝධිව
අක්කර 1/4ක පමණ භූමි
ප්‍රමාණයක වගාකර තිබු ගංජා
කගස් හේනක් (ගස් 4,121) ක්
පුද්ගලයකු නොමැතිව අත්අඩංගුවට
ගෙන තිබේ. ත්‍රිකුණාමලය කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් වැටලීම්
දෙකක් සිදුකර බලපත්‍ර කොන්දේසී
උල්ලංඝණය කරමින් වැලි පටවා
ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන ඇත.
නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසී
උල්ලංඝණය කරමින් වැලි
ප්‍රවාහනය කරමින් සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත.
ආර්ගම්බේ කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් බලපත්‍ර රහිතව
රොට්ටේ ගොවිපල් ආරු ගඟට
ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර වැලි
පටවමින් සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. සෙට්ටිකූලම් කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි
මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා
ගනු ලබන ගෝඩා ලීටර් හැත්තෑවක්
හා පෙරීමේ උපකරණ ළඟ
තබාගෙන සිටි අයක් අත්අඩංගුවට
ගෙන ඇත. පූගොඩ කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි
මත්පැන් ලීටර් 22.5ක් ළඟ
තබාගෙන සිටි කාන්තාවක්
අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
යාන්ත්‍රික අත් කියතක්
යොදාගනිමින් තේක්ක දැව
කපමින් සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. බුත්තල කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර
රහිතව ඌව මැක්ඩෝරා වර්ගයේ
ඉරන ලැබු දැව ළඟ සන්තකයේ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. එමෙන්ම වාකරේ
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය
කරමින් වැලි පටවිමන් සිටි අයක්
අත්අඩංගුවට ගෙන ඇත.