22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දිවයිනේ සියලුම පාසල් හි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 08...

දිවයිනේ සියලුම පාසල් හි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 08 ආරම්භ වේ.

 

දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

අද දින මහනුවර දි දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතා
“ඉතා ප්‍රශස්ත ලෙස හා උසස් සහභාගිත්ව අගයකින් යුතුව දිවයිනේ සියලුම පාසල් හි ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතිනවා.
එමෙන්ම නොවැම්බර් 8 වැනිදා සිට 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ලැබීම සිසු දරු දැරියන් ලද තවත් ජයග්‍රහණයක්.
  සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත්, විභාග පැවැත්වීමට අදාල අංශ හා මේ වන විට සැලසුම් කිරිම ඉතා වැදගත්.
එකී අධ්‍යයන කාලරාමුව තුළ නිවැරදිව ගමන් කිරීම තුළින් අ.පො.ස උසස් පෙළ හා 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමේ      ඉලක්කයන් කරා අපට ළඟා වීමට හැකිවනු ඇති.
මේ තත්ත්වයන් යළි උදාකිරීමට කැපවූ විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල, සෞඛ්‍යය කාර්ය මණ්ඩල, ඇතුලූ දේශපාලන අධිකාරියට මෙන්ම දෙමව්පියන් ඇතුළු සම්බන්ධ සැමට අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුලූ රජයේ ගෞරවය  පුද කරනවා”
මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභික යදාමිනි ගුණවර්ධන යන මහත්වරුන් එක් වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments